Loading...

News details

image
11 June, 2021

Greentel Mobile Solution | Java Institute |Entrepreneurs

tharunaya.com සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සකස් කරන ලද්දේ :

Dananji Kulathunga
Media Unit - Java Institute

Yuren: පොඩි ළමයින්ට සෙල්ලම් බඩු නැතුව වගේ මේ ඉන්න tech ninjaට මේ gadgets තමා ජීවිතේ. හරි නේද මං කිව්වා.

Krish: අනිවාර්යයෙන්ම

Yureni: නම?

Krish: Denift Krishanth

Yureni: අම්බෝ දිග වැඩි දිග වැඩි. සරල කරමු. ක්‍රිෂ් කියලා කියන්නද?

Krish : ඔව්. ගොඩක් කට්ටිය ක්‍රිෂ් කියලා තමයි කියන්නේ.

Yureni: ආ හරි එහෙනම් මමත් ක්‍රිෂ්. එතකොට දැන් මේ නම සරල වුනාට වැඩ නම් සරල නෑ නේ.. හරි මට දැන් පේනවා Greentel, Corn. පොඩ්ඩක් අපි company එක ගැන කියමුනේ.

Krish: මගේ company එක තමයි Greentel mobile. ඒකේ Texas International (pvt) Ltd කියන එක යටතේ තමයි එන්නේ. එතකොට ඒකේ තියෙනවා brands දෙකක් Greentel mobile & Corn. එතකොට Greentel mobile කියන එකට අවුරුදු දහයක් විතර ඒක පරණයි. මං වැඩ කරන්නේ specially Greentel mobile කියන company එකේ mobile phones සම්බන්ධව. ඒකේ directorsලා දෙන්නා ස්වදේශ් මල්ලවආරච්චි & නග්ලේෂ්වර්න් කියලා දෙන්නෙක්. ඒ දෙන්නා තමා master minds ඒ company එකේ.

Yureni: හ්ම් හ්ම්. ක්‍රිෂ් මොනාද භාරව ඉන්නේ.

Krish: Greentel company එකේ technology and technology specialists ලා ඉන්නේ මගේ යටතේ. ඒ කියන්නේ RND specialist කෙනෙක් විදිහට තමයි මං ඒ company එකේ වැඩ කරන්නේ. ඒ කියන්නේ Research and development engineer කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ software and hardware දෙකම.

Yureni: එතකොට ඔක්කොම specialist ලා ඔයාගේ යටතේ වැඩ කරන්නේ.

Krish: Yes.

Yureni: ලේසි පහසු නෑ. අම්මෝ මොකක්ද tech giant කෙනෙක් එක්කද මං ඉඳගෙන ඉන්නේ. හරි නිහතමානී. හරි කියන්නකෝ දැන් Greentel technologies, මේකේ මොකක්ද output product එක?

Krish: අපේ specially design කරන්නේ hand held devices ඒ කියන්නේ mobile phones, ඊට පස්සේ tabs, ඊට පස්සේ POS machines ඒවගේ unique items තමා design කරන්නේ. Greentel mobile company එකේ අපි specially කරන්නේ, hardware or software මොනවාහරි customization එකක් ඕනේ වුනොත් device එකක අපි ඒ customization අපි ඔයගොල්ලොන්ට කරලා දෙනවා. එතකොට ඒක තමා ඇත්තටම අපේ speciality එක. ඔයගොල්ලොන්ගේ requirement එක අනුව hardware level, software level ඕනම customization එකක් අපිට කරලා දෙන්න පුළුවන්.

Yureni: Right. එතකොට දැන් මේ Greentel එකට අමතරව product එකක් තියෙනවා Corn. ඒක ගැනත් කියමු.

Krish: Corn brand එකේ දැනට ලංකාවේ සහ ලෝකයේ තියෙන accessories ගත්තොත් හැම accessory එකක් වගේම මේකේ තියෙනවා. Smart watch එකේ ඉදන් headset එකේ ඉදන් TWS, air pods, speakers හැම එකක්ම තියෙනවා. Fast charging power banks ඊට පස්සේ fast charging adapters ඒ හැම දෙයක්ම Corn brand එකේ ලංකාව ඇතුලත ගන්න පුළුවන් ලංකාවේ brand එකක් නිසා.

Yureni: එතකොට ඒකේ ඔක්කොම software, hardware ඒ ඔක්කොම develop කරන්නේ ඔයාගේ team එක.

Krish: අපේ team එක.

Yureni: Right. ක්‍රිෂ් එතකොට මේ Greentel mobile, මේක Indian product එකක්ද?

Krish: නෑ. මේක 100% Sri Lankan brand එකක් Greentel කියන්නේ. ශ්‍රි ලංකාවේ තියෙන 100% Sri Lankan එකම mobile phone section එකේ තියෙන brand එකක් තමයි Greentel mobile කියන්නේ.

Yureni: මේක 100% මේ ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ.

Krish: ඔව්. 100% ක් Sri Lankan Brand එකක්. හැබැයි ඕන phone එකක් manufacture වෙන්නේ China වල. අපෙත් ඒ වගේම manufacturing එක විතරක් වෙනවා China වල. Apple, Samsung, Huawei මේ ඕන දෙයක් ගත්තොත් manufacturing වෙන්නේ China වල. ඒවගේ තමා manufacturing plant එක විතරක් China වල තියෙන්නේ.

Yureni: එතකොට මේකට ඔයගොල්ලන්ට overseas clientsලා ඉන්නවද? මේ Greentel ලංකාවේ ඇරෙන්න වෙන රටවල් වල පාවිච්චි කරනවද?

Krish: අපි ගොඩක් countries වලට යැව්වා. Specially කියනවානම් Bangladesh, South Africa තව Papua New guinea වගේ countries වලට යැව්වා. හැබැයි, වෙන countries වලින් customize solution/ requirement එකක් ආවොත් අපි ඒගොල්ලොන්ගේ brand එක යටතේත් හදලා දෙනවා. ඒගොල්ලොන්ගේ special requirement එකට අනුව අපි හදලා දෙනවා.

Yureni: හරි එතකොට මේ Greentel දැන් ලංකාවේ කොහොමත් large client tale එකක් ඉන්නවා. ලංකාවට අමතරව වැඩිපුර ලොකු large client base එකක් මොන රටේද තියෙන්නේ?

Krish: සාමාන්‍යයෙන් Bangladesh වල වගේ තමයි එහෙම තියෙන්නේ. හැබැයි දැනට ඇවිල්ලා අපේ solution එක දෙන්නේ ඒගොල්ලොන්ගේ requirement එක අනුව customize කරලා දෙන solution එක තමා අපි දෙන්නේ. සමහරවිට වෙන brand name එකකින් යන්න පුළුවන්. But ඒ සම්පූර්ණ solution එක අපේ.

Yureni: Solution එක ඔයගොල්ලන්ගේ..

Krish: ඔව්.

Yureni: Brand name එක වෙනස් වෙන්න පුළුවන්.

Krish : Brand name එක වෙනස් වෙන්න පුළුවන්. තනිකරම ඉතින් ඔය mastermind කරන්නේ අපේ directors ලා දෙන්නා ඒගොල්ලොන්ගේ plan අනුව ඒගොල්ලෝ තමා master කරලා ඒ අදාල countries වලට ඕන දේවල් ටික දෙන්නේ.

Yureni: Right.. හරිම interesting. ක්‍රිෂ් දැන් මේ තව ගොඩක් gadgets තියෙනවා. ඉතින් මට හරි curious මේවා ගැන දැනගන්න. ඉතින් මං වගේ, මං හිතන්නේ මේ මට වඩා tech curious ලා ඉන්නවා ඔයාව බලාගෙන. ඒගොල්ලන්ට දැනගන්න ආස ඇති තව තවත් මේ company එකේ තියෙන self speciality එක මොකක්ද කියලා. අපිට කියන්නකෝ තව. අපි හරි ආසයි දැනගන්න මොකද දන්නෑ මගේ industry එක completely වෙනස්. නමුත් මට දැන් මේ gadgets මෙතන තියෙන ඔක්කොම devices දැක්කම හිතෙනවා තව දැනගන්න, මේ ගැන information ඉතින් කියන්නකෝ specially මේ e-legend ගැන?

Krish: අපි speciality එක තමා අපි ඇවිල්ලා කවුරුහරි requirement එකක් ඉල්ලුවොත් ඒකට unique device එකක් අපිට design කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ hardware level එකේ ඉදන් software level එකේ වුනත් customization එකක් කරලා දෙන්න පුළුවන්. අනිත් එක අවශ්‍යතාවයට අනුව device එකක් ඔයගොල්ලොන්ට design කරලා දෙන්නත් පුළුවන්. දැන් ඔයා උදාහරණයකට ගත්තොත් මෙන්න මේ tab එක, covid කාලේ ගොඩක් කට්ටිය ඇවිල්ලා යොමු වුනා online classes වලට. එතකොට online classes වලට යොමු වුනාට පස්සේ ඒගොල්ලොන්ට අනිවාර්යයෙන් ඕන වෙනවා device එකක්. ඒ කියන්නේ device එකක් එක්කනේ යන්න ඕනේ කොහොමත් ඒගොල්ලෝ classes කරද්දි. එතකොට මෙන්න මේ device එක අපේ directorsලා දෙන්නා plan කරා e-legend කියන concept එකකින් ගේන්න tab එකක් රුපියල් ලක්ෂයක් දීලා ගන්න එකක් නෙවෙයි. අඩු ගානකට හැමකෙනෙක්ටම ගන්න පුළුවන්.

Yureni: හැම කෙනෙක්ටම. කොළඹ, කොළඹින් පිට. මොකද විශේෂයෙන්ම කොළඹින් පිට පාසල් වල ළමයින්ට online අධ්‍යාපනය කියන එක පොඩි, ටිකක් අමාරුයි මොකද මේ වගේ devices ගන්න වත්කමක් නැති නිසා. නමුත් මේක 100% ක් දේශීය දේ නිසා සහ ලංකාවේ මිනිස්සු වෙනුවෙන්ම වෙනමම covid කාලේ අධ්‍යාපනය වෙනුවෙන්ම හදපු special project එකක්.

Krish : Yes. Special project එකක්. එතකොට මේකේ 14,990 ක මුදලකට තමා මේක release කලේ.

Yureni: 14990 ක්, tab එකක්? tab එකක් 14990ක්, 100% ක් දේශීයව නිෂ්පාදිතයි. මේක මං දකින්නේ සමාජ සත්කාරයක් විදිහට.

Krish: අනිවාර්යයෙන්ම.

Yureni: මොකද.. බෞද්ධක් විදියට කියනවානම් ගොඩක් පින් මේ වගේ දෙයක් කරාට. මොකද ඇත්තටම හැම ළමයෙක්ටම අධ්‍යාපනය කියන දේ ගොඩක් නැති වුනා corona කාලේ සහ අර ළමයින්ට දැන් කොළඹ ළමයින්ට access තියෙනවා internet වලට මේ devices ‌වලට. නමුත් කොළඹින් පිට ළමයින්ට මේ දේවල් නෑ. මේවා දැකලවත් නෑ. සිහිනයක්. ඉතින් ඒ ළමයින්ට online අධ්‍යාපනයකට මේ වගේ දෙයක් දෙනවා කියන්නේ සාධාරණ මුදලකට, ඒක ලොකු දෙයක්. එතකොට මේක, දැන් අපි හිතමු 14,900 ක් දෙන්න බැරි කට්ටිය ඉන්නවනේ. එතකොට ඔයාලගේ scheme එකක් තිබ්බද මේක ලබාදෙන්න. ඒ කියන්නේ මේක ගෙවීමේ ක්‍රමයට මොනවාහරි.

Krish : එහෙම පාසල් වලට අපේ directorsලා සල්ලි වලට නෙවෙයි නිකන් දුන්න තැන්වලුත් තිබ්බා. එහෙම tabs ගන්න බැරි ඉස්කෝල වලට මෙහෙම නිකන් tabs දෙන්න ඒගොල්ලෝ project එකක් කලා. ඒකේ tab දුන්නා. ඒවගේම tabs විතරක් නෙවෙයි ඊට වැඩිය ගොඩක් දේවල් අපේ directors ලා කරලා තියෙනවා. තාමත් කරගෙන යනවා. ඉස්සරහට මං කියන්නම් මොනවද කරන්නේ කියලා. මේ project එක ඇත්තටම අර zoom application එකයි team application එකයි target කරලා තමයි කරේ. ඒක තමයි ඕක specially release කලේ e-legend කියන concept එක යටතේ. එතකොට ඒගොල්ලෝ ඒ concept එක යටතේ හදලා මට භාර දුන්නා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මං tech පැත්තෙන් සම්පූර්ණයෙන්ම දේවල් ටික කරලා අපි release කලා ඒ කාලෙට ගැලපෙන විදිහට මේ වගේ device එකක්.

Yureni: e-legend එක ඔයාගේ බබා. right. මේකත් ගලවලා පෙන්නමු නේ.

Krish : ඔව්. sure.

Yureni: මේකේ warrant period එක කොහොමද?

Krish : 1 year hardware warranty and Software lifetime warranty තියෙනවා. එතකොට speciality එක තමයි මේක ඔයාට ලංකාවේ Jaffna වල ඉදන් Matara වෙනකන්ම service centres තියෙනවා. එතකොට ඔයාට ඕනේ තැනකින් මේකේ මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලන්ට repairs හරි ඕනේ දෙයක් කරගන්න පුළුවන්. ඒ පහසුකම හදලා තියෙන්නේ. මේ tab එකේ තියෙන්නේ pure android stock rom එක. එතකොට මේ stock rom එකේ කිසිම bloatware එකක් හරි tieks හරි කිසිදෙයක් කරලා නැ. Google එකෙන් ගත්ත freshම clean ම rom එක තමා මේකේ තියෙන්නේ. අනිත් එක මේකේ අපි zoom වලට ඕනි විදිහට customize කරලා තියෙන්නේ. මේ tab එක විශේෂයෙන්ම ඒකට තමා ගොඩක් ඉඩ දීලා තියෙන්නේ. මේකේ තියෙන්නේ Google ලගේ pure android stock rom එක. එතකොට ඔය‌ගොල්ලෝ දන්නවා Huawei ලගේ ප්‍රශ්නයක් ඇති වෙනවා Google use කරන්න බෑ කියලා. එතකොට ඔයාලට Google services, gmail, play store ඒ දේවල් use කරන්න බෑ. හැබැයි අපේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි Google එකේ registered product එකක්. ඒ කියන්නේ Google marda certification කියන certification එක අරගෙන තියෙන්නේ. ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් Google ලගේ brand page වලට ගිහිල්ලා අපේ Greentel කියන mobile එක register කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ brand එක. එතකොට මේ stock rom එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලොන්ට gmail තව කාලයක් යද්දි නැතිවෙයිද, Google services නැති වෙයිද කියලා බය වෙන්න දෙයක් නෑ. මේකේ සම්පූර්ණ access ටික තියෙනවා කොච්චර කාලයක් ගියත්. හේතුව, ඒක registered product එකක් නිසා. අනිත් එක ඒගොල්ලොන්ගේ encryption ටික අපිට දාලා තියෙන්නේ firmware එක. ඒ නිසා කොච්චර කල් ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

Yureni: දැන් ඒක තමයි මෙන්න මේ tab එකේ විස්තර ටික. තව එකක් මං දැක්කා. “පරමත්ථ” මේ ත්‍රිපිටකය අපි දන්නවා අහලා තියෙනවා ග්‍රන්ථාරූඪ කලේ මාතලේ අළුවිහාරේදි. එතකොට ඊට පස්සේ ත්‍රිපිටකයේ වීප්ලවීයම වෙනසක් ඇති වෙලා ඒක ඩිජිටල්කරණය වෙන්නෙත් මාතලේමයි. ඇයි එහෙම මං එහෙම කියන්නේ. ක්‍රිෂුත් මාතලේ. ඒක හරි දෛවෝපගත සිදුවීමක් නේ.

Krish: අනිවාර්යයෙන්ම

Yureni: ක්‍රිෂ්ට එහෙම හිතිලා තියෙනවද?

Krish: අනිවාර්යයෙන්ම ඔව්.

Yureni: පරමත්ථ. අපි මේ ගැනත් පොඩ්ඩක් කතා කරමු.

Krish: මේක ලංකාවේ විභජ්ජවාද කියන බෞද්ධ සංගමෙන් තමා මේක, මේ project එක පටන් ගත්තේ. ඇත්තටම මේක ඒගොල්ලොන්ගේ project එකක්. අපිට හම්බුනා ඒ වරම. ඇත්තටම වරමක් කියලා තමයි කියන්න ඕනේ. ඒ වරම ත්‍රිපිටකයේ ත්‍රිපිටකය කියන එක device එකකට ඩිජිටල්කරණය කරන්න අපිට වරමක් හම්බුනා ඇත්තටම මේ application එක develop කළේ ඔයගොල්ලෝ දන්නවා ඇති SLT එකේ CTO කෙනෙක්. එයාට කසුන් කියලා නම. හැබැයි මේකේ තනිකර firmware එක development එක කලේ අපේ පැත්තෙන්, අපි කරේ. ඒ වගේම මේකේ hardware access තියෙනවා ගොඩක් level වලට අපිට limit කරන්න. ඒ hardware level එකේ & firmware level එකේ customization සම්පූර්ණයෙන්ම කලේ අපි. එතකොට මේක ඇත්තටම ලොකු පිංකමක් හැටියට තමා අපි සලකන්නේ.

Yureni: මේක ඇත්තටම ගත්තොත් ඉතිහාසගත වන සිදුවීමක්. පිංකමක් නේද? ඉතිහාසගත වන පිංකමක්. ත්‍රිපිටකය ඩිජිටල්කරණය වීම. මාතලේ ක්‍රිෂගේ team එක අතින්.

Yureni: Greentel atn tab එක. හරිම cute. මේ ගැනත් අපිට විස්තරයක් කියන්නකො පොඩි.

Krish : මේක අපේ directors ලා market analyse කරලා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා අනුව release කරපු tab එකක් තමයි මේක. මේක 10.1 inch එකක් screen එකක් තියෙන tab එකක්. ඔයගොල්ලෝ වෙන brand එකකින් ගන්නවා නම් අඩුම රුපියල් 60000, 90000, 100000 පනිනවා. එතකොට ඒ අවශ්‍යතාව බලලා සාමාන්‍යයෙන් ගොඩක් සමහර ළමයි ඉන්නවා ඒගොල්ලොන්ට අකුරු එහෙම ලොකුවට පේන්න ඕනේ. එතකොට ඒගොල්ලොන්ට වැඩ ටික, ගොඩක් ලොකුවට තිබ්බොත් ලේසි ඔය zoom සහ team වල online classes කරන නිසා. එතකොට ඒකට specially ඒගොල්ලෝ market analyse කරලා release කරපු tab එකක් තමයි මේක. මේකේ technical පැත්තේ ඉස්සල්ලා කිව්වා වගේම Google stock rom එක තමයි මේකෙත් තියෙන්නේ. එතකොට ඔයගොල්ලොන්ට කිසිම බය වෙන්න කිසි දෙයක් නැ. සම්පූර්ණ security එක මේකේ තියෙනවා. අනිත් එක ඔයගොල්ලන්ට Google application එකේ ඉදන් team එකේ ඉදන් ඊට පස්සේ zoom එකේ ඉදන්, විශේෂයෙන්ම pubg, call of duty එහෙම සෙල්ලම් කරන්නත් පුළුවන්. ගොඩක් කට්ටිය මේ ආස දෙයක් තමයි ඒක පොඩි කට්ටිය. එතකොට ඒ හැම access එකක්ම තියෙන අපි මෙච්චර කල් release කරපු හොද tab එකක් තමයි මේක.

Yureni: එතකොට ඕක සාමාන්‍යයෙන් market එක වෙළදපොලේ කීයටද අලෙවි වෙන්නේ?

Krish: මේක වෙළදපොලේ ඉස්සරහට එන්න තියෙන price එක තමයි 29,990 ට තමයි release කරන්න තියෙන්නේ market එකේ.

Yureni: T10, ඒක ගැනත් කියමු.

Krish: මේක keypad phone එකක්. ඒ කියන්නේ.. Keypad phone එකක් කියන්නේ මේකේ අර ඔයගොල්ලොන්ට call එකක් ගන්න, message එකක් දාගන්න ඊට පස්සේ ඒ වගේ ඔයගොල්ලොන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න release කරපු phone එකක් තමයි මේක. Greentel ලා ඉස්සර ගොඩක්ම famous keypad phones වලට. එතකොට මේ ළඟදි අපි release කරපු keypad phone එකක්. මේ keypad phone එකේ ලොකු range එකක් තියෙනවා අපේ. මෙතන මට මේ තියන්න මේසේ මදි. එතකොට මේක තමා අපේ main ම market එක වෙලා තිබ්බේ. හැබැයි දැන් අපි fast moving makers. Smartphone market එකටත් බැහැලා ඉන්නවා. Fast moving කියපුවාම tab එකක් තියෙනවා. ඒක තමයි phones වල කතාව.

Yureni: තව මොනවාහරි විශේෂ දෙයක්.. මේ X1.. X1 lite. ඒක මොකක්ද?

Krish : X1 lite phone එක, මෙන්න මේ phone එකක් use කරපු එක්කෙනෙක්, කරන එක්කෙනෙක් එයාට ඊළඟ option එකකට යනවානම්, ඒ කියන්නේ එයාට පොඩ්ඩක් smart විදිහට use කරන්න ඕනි නම්, එයාට Facebook, WhatsApp, Viber, Imo ඔය හැමදෙයක්ම use කරන්න ඕනේ නම් අඩු ගානකට 4G පහසුකමත් එක්ක use කරන්න පුළුවන් phone එකක් තමා මෙන්න මේ phone එක. අපි market එකේ release කරලා තියෙන්නේ phone එක. ඒ කියන්නේ entry level එකේ එක්කෙනෙකුට ගැළපෙන හොඳම phone එකක් තමයි මෙන්න මේ phone එක.

Yureni: එහෙනම් මං හිතන්නේ ඔක්කොම Greentel mobile අපි කවර් කලා. අපි Corn පැත්තට ගියොත්. මොනාද ඒකේ special. මට ඒක බලන කොටම නිකන් බයයි වගේ දැනෙනවා. නිකන් high tech gadgets. නිකන් අපිට පොදුවේ නිකන් පොඩ්ඩක් කිව්වොත් මං හිතන්නේ බලන් ඉන්න අපේ තරුණ ළමයින්ට ආස ඇති මොනාද මේ gadgets වලින් වෙන්නේ කියලා. විශේෂයෙන් පිරිමි ළමයි ආසයිනේ gadgets වලට. Gadgets එක්කනේ ජීවත් වෙන්නේ. ඉතින් අපිට පොඩ්ඩකට නිකන් general idea එකක් බලන්න මේ සයිඩ් එකේ මේ Corn මේ gadgets ටිකක් ගැන.

Krish: Corn වල මේකේ ගත්තොත් ඔයගොල්ලන්ගේ smart watch එකේ ඉදන්, fitness tracker එකේ ඉදන්, power bank එකේ ඉදන්, power bank කියපුවාම normal power bank නෙවෙයි, Fast charging power bank qualcomm කියන chipset එකත් එක්ක. ඒ කියන්නේ qualcomm chip කරන කට්ටිය තමයි හදන්නේ adapters fast charging වලට specially. එතකොට මේකේ තියෙනවා අපිට power banks තියෙනවා, adapters තියෙනවා, specially TWS තියෙනවා. ඒ කියන්නේ airpods වලට සමාන. ඊට පස්සේ මෙන්න මේ product range එක තමයි අපේ තියෙන්නේ. Speakers තියෙනවා. ඊට පස්සේ wood වලටත් තියෙනවා..

Yureni: මාර range එකක් තියෙනවා නේද අපි හිතන් නැති වුනාට. මේ ඔක්කොම දේශීය දේ. ඔක්කොම අපේ ලංකාවේ දේශිය දේ.

Krish : අනිත් එක ඒකේ speciality එක තමයි. මේකේ ඔයගොල්ලොන්ට දැන් ඔයගොල්ලෝ සමහර ගන්න tech products වල ඔයගොල්ලොන්ට warranty වලට ප්‍රශ්නයක් තියෙනවා. මාරු කරගන්නේ කොහේද? ඒක ගත්තට පස්සේ මං මේකේ මොකක්හරි ප්‍රශ්නයක් වුනොත් මොනවද කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ වදවෙන්න දෙයක් නෑ. මේකෙත් මං කිව්වා වගේ Jaffna to Matara තියෙනවා service centres. එතකොට මේකේ physically damage එකක් නැතුව....

Yureni: Service centres කොච්චරක් තියෙනවද ඔයගොල්ලොන්ගේ.

Krish : සාමාන්‍යයෙන් service centres දැනට 16 ක් තියෙනවා. මුළු ලංකාවේම තියෙනවා service centres. එතකොට ඔයගොල්ලොන්ට මොකක්හරි ප්‍රශ්නයක් වුනොත් එතනින් මාරු කරගන්න පුළුවන් ඔයගොල්ලෝ මේකේ damage එකක් කරේ නැත්තන්. Six month warranty එක අනිවාර්යයෙන් හැම product කකම තියෙනවා. One to one replacement කරලා දෙනවා මොකක්හරි ප්‍රශ්නයක් වුනොත්.

Yureni: ක්‍රිෂ් මේ හැමදේකටම අමතරව තව ඔයගොල්ලන්ගේ company එකේ මොනවාහරි specialities තියෙනවද?

Krish : අනිවාර්යයෙන්ම. specialities සරලව කියනවානම්, ඔයගොල්ලොන්ට කියමු company එකක් ඔයා start කලා.. එතකොට on කරද්දි ඔයාට ඕනේ ඔයාගේ company එකේ logo එක එන්න ඔයාගේ device එකේ, එතකොට ඔයාට ඕනේ ඔයාගේ මොකක්හරි ringing tone එකක් ඒකේ ඔයාට ඇහෙන්ක සලස්වන්න, එතකොට wallpaper එක එන්න ඕනේ ඔයාගේ company එකේ එකක්, ඒවගේ ඒ කියන්නේ මං කියන්නේ ඔය සරල දේවල්. ඊට වඩා සංකීර්ණ දේවල් වලට ගියොත් ඔයාට ඕනේ නම් ඔයා හදන මොකක්හරි application එකක්, ඔයාට ඕනේ ඒ application එක විතරයි ඒ tab එකේ හරි phone එකේ හරි මොකක්හරි device එකක use කරන්න ඕනේ නම් අපිට ඒ customization එක කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ specially ඔයාට ඕන නම් hardware පැත්තෙන් මට මේකේ WIFI, Bluetooth එපා නැත්තන් ඔයාට PCB එකේ වෙන මොකක්හරි special requirement එකක් තියෙනවා නම් අපිට ඒ දේවල් කරලා දෙන්නත් පුළුවන්. හේතුව අපි ඇවිල්ලා ලංකාවේ තියෙන ගොඩක් telecommunication industry එකේ ඉන්න කට්ටියට අපි customize කරලා devices දීලා තියෙනවා, Internationally දීලා තියෙනවා. ඒගොල්ලොන්ට unique customize කරපු devices.

එතකොට ලංකාවේ ලොකු ලොකු brands එක්ක වැඩ කරලා තියෙනවා, ඒවගේ devices target කරලා අපි. දැන් කියමුකෝ ඔයාට ඕනේ keypad phone එකකට 4G add කරලා. මට ඕනේ keypad phone එකේ තියෙන්න ඕනේ. But මට ඕනේ keypad phone එකේ 4G use කරන්න, WhatsApp use කරන්න, Viber use කරන්න ඕනේ. ඒවගේ requirement එනවා ලංකාවේ. එතකොට ඒවගේ requirements ඕනේ වෙද්දි android විතරක් නෙවෙයි අපි අළුතින් එන, උදාහරණයකට ගත්තොත් KaiOS කියලා එකක් තියෙනවා ready system එකක්. ඒවගේ තව OS එක්ක වුනත් අපිට bound වෙලා අපිට ඔයගොල්ලොන්ට ඕන customization එකක් අපිට දෙන්න පුළුවන්.

Yureni: ලංකාවේ ඕනම company එකකට ඒගොල්ලොන්ගේ ඕනම requirement එකකට solutions provide කරනවා.

image

Krish: ලංකාවේ විතරක් නෙවෙයි internationally වුනත් ප්‍රශ්නයක් නෑ. කරලා දෙන්න පුළුවන්. මං කිව්වේ ඔය පොඩි දේවල් ටිකක්. තවදුරටත් කියනවානම් ඔයගොල්ලොන්ට කියමුකෝ දැන් කවුරුහරි access කරන්න හදනවා හරි අපි security issues තියෙන නිසා ඒකේ bootloader එකක් lock කරලා දෙන්න ඕනේ කියලා, නැත්තන් firmware එකේ encryption එකක් ඔයගොල්ලොන්ට ඕනේ, නැත්තන් firmware එකේ encryption method එකක් ඕනේ, නැත්තන් ඔයගොල්ලන්ට internal storage එක access කරන්න ඔයගොල්ලන්ට මොකක්හරි encrypt කරපු password එකක් ඕනේ. එතකොට ඒ වගේ සංකීර්ණ firmware level එකක customization අපිට කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ‌ගොඩක් දේවල් තැන් වලට ඒක කරා.

දැන් අපි අර පරමත්ථ project ඒකේ වුනත් internal storage එක encrypt කරලා තියෙන්නේ. Internal storage එකට access කරන්න බැරි විදිහට තමයි අපි හදලා තියෙන්නේ. එතකොට ඒවගේ ඔයගොල්ලොන්ට device එක start කරන තැනේ ඉදන්, device එක ඔයා use කරන තැනට වෙනකන් අපිට ඔයගොල්ලොන්ට ඕනේ security පැත්ත හදලා දෙන්න පුළුවන්. තවදුරටත් කියනවා නම් අපි ඇවිල්ලා unique device solution දෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතමුකෝ tab එක හරි phone එක හරි මොකක්හරි device එකක් On කරන තැනේ ඉදන් ඒක use කරන තැන දක්වාම, ඒ කියන්නේ bootloader එකේ encryption level එකේ ඉදන්ම recovery එක ඉඳන්ම ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් android කරන කට්ටිය දන්නවා. Android firmware කරන කට්ටිය දන්නවා recovery එකයි ඊට පස්සේ ඒකේ bootloader එකයි, ඒ තැන ඉදන්ම අපිට ඔයගොල්ලොන්ට kernel level එකේම ඔයගොල්ලොන්ට encryptions අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ facility අපි ගාව තියෙනවා. අපි ගොඩක් ලංකාවේ තියෙන banks වලට ඒ කියන්නේ ලංකාවේ popular banks වලට ඒවගේම telecommunication කට්ටියට ඒ වගේ unique දේවල් කරලා දීලා තියෙනවා. එතකොට ඒක තමා ඇත්තටම අපේ speciality එක. ඒගොල්ලන්ගේ මොකක් හරි requirement එකක් ආවොත් අපිට ඒක ඔයගොල්ලොන්ට customize කරලා දෙන්න පුළුවන්.

Yureni: ක්‍රිෂ්. අපි දැන් company එක ගැන කතා කරා. Company එකේ profile එක, company එකේ products මොනාද, company එකේ specialities මොනාද, අපි ගොඩාක් දේවල් කතා කලා. මට කැමති දැන් ඔයා පටන් ගන්න කොට කිව්වා ඔයා research & development team එකේ ප්‍රධානියා විදිහට ඔක්කොම technical technician ඒ කියන්නේ specialist ලා ඉන්නේ ඔයාගේ යටතේ කියලා. මට කැමති ඔයගේ මේ role එක මේ කරන ඔයා ලොකු කාර්යය භාරයක් කරනවා. අපිට ඒක ගැන කතා කරන්න බැරි වුනා. අපි ඒක ගැන කතා කරමු. මොකක්ද ඔයාගේ කාර්යය භාරය, මොනාද ඔයා මේකේ.. මේ company එකේ ඔයා තමයි base එක. Right. ඉතින් ඔයාගෙන් වෙන වගකීම, කාර්යය භාරය ගැන අපි කතා කරමු.

Krish: ඇත්තටම කියනවා නම් device එකක් start එකේ ඉදන් ඒකේ end එක වෙනකන්ම ඒ කියන්නේ අපේ government එකේ TRCSL එකේ process කරලා එනකන්ම සම්පූර්ණයෙන්ම වගකීම තියෙන්නේ මට. එතකොට ඒ device එකේ මොන ප්‍රශ්නයක් වුනත් මං වග කියන්න ඕනේ. එකකොට එහෙම යද්දි මං ඔය මගේ කාර්යය භාරය ගත්තොත් technically, මේ device එකේ ardware එකේ ඉදන් firmware level එකේ ඉදන් software level එක දක්වාම මගේ තියෙනවා ලොකු කාර්යය භාරයක්. එතකොට අපි ඒක categorize කරලා ගත්තා නම් දැන් අපි කියමුකෝ අපේ ඇවිල්ලා මේ X1 lite phone එක හරි මේ V2 කියන tab එක අපි හදනවානම් මට හම්බෙනවා mediatek company එක. Snapdragon, qualcomm ඒගොල්ලෝ වගේ ගියත් Kirien වගේ ගියත් chipset manufacturer කරන company එකක්. එතකොට දැන් ඒ company එකේ mediatek කියලා ගත්තොත් mediatek ලගේ තියෙනවා chipset වර්ග ගොඩක්. Segments තියෙනවා. එතකොට ඒ segments වලට ගත්තොත් ඒ segments වලට එක chipset එකකට ඉන්නවා specialized team එකක්. ඒ chipset එකක් ඔයා ගත්තොත් MTK650 කියලා ගත්තොත් ඒ chipset segment එකේ ඉන්නවා ඒකේ ඒ segment එකේ sub segments වල ඉන්නවා GPU developers ලා ඉන්නවා. ඒ කියන්නේ GPU එක Mali හරි Adrino හරි ඒගොල්ලොන්ගේ developers ලා ඉන්නවා. එතකොට ඒ mediatek company එකේ ඒ segment එකේ මම ඒ හැම range එකක්ම එක්කම වැඩ කරන්න ඕනේ. එතකොට අපි ඇවිල්ලා ඒ‌ගොල්ලොන්ට සමහර instructions දෙනවා. සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ දැනුම මං ගන්නවා. ඒගොල්ලෝ මගේ දැනුම ගන්නවා. එතකොට ඒ වගේ තමා ඒ අපේ full stack development එකේ cycle එක යන්නේ.

මේ device එක ඇවිල්ලා අපි synchronize කරන්න ඕනේ service providers ලත් එක්ක ඒ කියන්නේ example එකක් විදිහට ගත්තොත් Google company එකයි ඊට පස්සේ අපේ MTK engineers ලා set එකයි. මේ Google ලගේ ඉන්න engineers ලා set එකක් මේකේ firmware එකට අදාල Google service provide කරන කට්ටිය. ඒ වගේම ඉන්නවා මේකේ අදාල develop කරන MTK කියන company එකේ හරි qualcomm හරි snapdragon හරි නැත්තන් ඕනම company එක්ක ඉන්නවා engineers ලා set එකක්. එතකොට ඒ set එක ඇවිල්ලා අපි synchronize කරගන්න ඕනේනේ. නැත්තන් ඒ device එකක් output එකක් එළියට එන්නෑ. අන්න ඒ තැන් වලදි අපි කරන වැඩේ තමයි, මගේ ප්‍රධාන කාර්යය භාරය තමයි RND ඒ කියන්නේ Research & development එකක් කරලා එන්න ඒ පැත්තේ තියෙන service එකයි මේ පැත්තේ තියෙන chipset level එකේ සහ ඒ පැත්තේ තියෙන firmware level එකයි එකට එකතු කරන එක. ඒක තමා main ම දේ.

Yureni: ක්‍රිෂ් අපිට ආරංචි වුනා ඔයාගේ මේ hobby එකක් තියෙනවා කියලා හරි විශේෂ. අපිත් එක්ක share කරනවද මොකක්ද ඒ hobby එක කියලා.

Krish: අනිවාර්යයෙන්ම මේ මගේ job එක තමා මගේ hobby එක. හැබැයි ඒක යන්නේ වෙනම path එකකට. ගොඩක් වෙලාවට මම ඇවිල්ලා සාමාන්‍යයෙන් mobile phone crack කරන එක, root කරලා ඒවගේ root access ගන්න එක, ඊට පස්සේ ඔය එක එක custom rom develop කරන එක, ඊට පස්සේ ඔය icloud bypass කරන දේවල්, ඒ වගේ දේවල් වලට ගොඩාක් interest එකක් තියෙනව, මගේ ඒක hobby එකක් වගේ කරනවා.. Business එකක් විදිහට නෙවෙයි. එතකොට ඒ වගේ කරද්දි මම ගොඩක් පොඩි කාලේදීම ලොකු interest එකක් එක එක firmware develop කරන companies වලට. එතකොට මට හම්බුනා, ඉස්සර හොඳම company එකක් Xinijian mod කියලා company එකක්. ඒගොල්ලෝ දැන් linage OS කියලා නම වෙනස් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ දැන් developments දෙනවා එක එක customized roms. එතකොට ඒකේ speciality එක ගත්තොත් දැන් කියමුකෝ ඔයගොල්ලන්ගේ පරණ phone එකක් තියෙනවා කියලා, ඒ phone එකට android වල updates දෙන්නේ නෑ. ඒ කියන්නේ android 6.0 නම් එතනින්ම නවතිනවා. එතකොට මේගොල්ලෝ project එකක් start කලා ඒ වගේ phones වලට එතකොට ඒ වගේ phone එකක් තියෙන කෙනෙක්ට අළුත් දේවල් එයාට රස විඳින්න හරි, අළුත් දේවල් access කරන්න හරි එයාට විදියක් නෑ. එතකොට ඒගොල්ලෝ android versions වලට ඒ කියන්නේ android 10.0 නම් 10.0 ඒ phone එකට හරියන විදිහට firmware එක අර‌ගෙන customize කරලා දෙනවා. එතකොට මං කලේ ඒගොල්ලෝ customize කරන firmwares තියෙනවනේ ඒක මං අරගෙන මගේ තියෙන පරණ phones වලට දාලා ඒකේ මගේ විදිහට මං customization කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉදිරිපත් කරනවා. එතකොට ඒගොල්ලෝ ඒකේ reviews දෙනවා මට. ඊට පස්සේ ඒ වගේ ගොඩාක් දේවල් ඒ වගේ තමයි interesting විදිහට කරන්නේ. ඊට පස්සේ තව දෙයක් තමයි icloud bypass කරන category එක ගත්තොත් එහෙම iCloud bypass කරන එක විතරක් නෙවෙයි iOS වල fenestration testing වලට එහෙම මං ගොඩක් ආසයි කරන්න. එතකොට ඒ වගේ මට chance එකක් හම්බුනා Israel community එකක් තියෙනවා. ඇත්තටම එයාලා company එකක් හදාගෙන ඉන්නේ. ඒකේ ඔය iClouds segment වලට ඊට පස්සේ fenestration testing වලට ඒගොල්ලොන්ගේ බීටා tester කෙනෙක් විදිහට මම volunteer කෙනෙක් විදිහට වැඩ කරා. ඒගොල්ලොන්ගේ සමහර වෙලාවල් වලට script ලියන්න තිබ්බා අපේ source code අරගෙන ඒගොල්ලන්ට ඕනේ විදිහට script ලියන්න තිබ්බා. ඒ වගේ දේවලුත් ඇවිල්ලා hobby එකක් විදිහට කරා.

එතකොට තව ‌hobby එකක් විදිහට කරනවා, ඒක business එකක් විදිහට නෙවෙයි ගොඩක් කට්ටියගේ phones වල network unlock කරන එක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ iCloud unlock කරන එක. ඊට පස්සේ iPhones වලත් තියෙනවා android වලත් තියෙනවා එක එක unlocks. ඒ කියන්නේ Google ලගේ frp locks තියෙනවා. Googles ලගේ locks bypass කරන එක. ඒවා මං කරන්නේ ඇත්තටම මගේ hobby එකක් විදිහට ඒ කියන්නේ interesting විදිහට තමා කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් ලොකු දැනුමක් එනවා. ඒ වගේම තියෙනවා Google ලගේ ගත්තත් iOS ලගේ ගත්තත් bug bounty කියලා programme එකක්. එතකොට ඒ bug bounty programme එකට සහභාගි වෙන්න පුළුවන්. ඔයා මොකක්හරි bug එකක් හොයාගත්තා නම් ඔයාට minimum 1 million dollars ඒගොල්ලෝ payment එකක් දෙනවා ඔයා හොයාගත්ත bug එකේ හැටියට. එතකොට ඔයා bug එක හොයාගෙන හරියට report එක දැම්මොත් ඔයාට ඒගොල්ලෝ ඒ payment එක කරනවා. iOS එකේ වුනත් Apple company එකේ වුනත් ඒක කරනවා. ඊට පස්සේ මං ගොඩක්ම bug bounding programmes වලට සහභාගි වුනේ Oneplus company එකෙන්. මං ගොඩාක්ම ආදරේ කරන company එකක් One Plus company එකක් Greentel mobile company එක වගේම. එතකොට ඒගොල්ලන්ගේ ගොඩාක් තියෙන firmware level එකේ දේවල් වලට මං ගොඩක් suggestions දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තව bugs හොයනවා. මං bug හොයලා මේ ළඟදිත් මට මේ ඒගොල්ලොන්ගෙන් අර badge එකක් හම්බුනා. ඊට පස්සේ ඒවගේ දේවල් තමයි මං කරන්නේ. උදරහණයක් විදිහට ගත්තෝත දැන් Google company එකෙන් ඒගොල්ලෝ දීලා තියෙනවා Pixel phone වල lock screen එක bypass කලොත් ඒගොල්ලෝ මං හිතන විදිහට 1 million dollars වලට වැඩිය ගානක් ඔයගොල්ලොන්ට දෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට එහෙම මේ ගොඩක් යොමුවෙනවා සල්ලි වලට නෙවෙයි ඇත්තටම මගේ hobby එකක් විදිහට ආසාවට.

Yureni: පටන් ගන්නකොටම කිව්වා මගේ රස්සාව තමයි මගේ hobby එක කියලා. ක්‍රිෂ් දන්නවද මේ ලෝකේ එහෙම කියන්න පුළුවන් ඉන්න මිනිස්සු හරිම සුළු ප්‍රතිශතයක් ඉන්නේ. හරිම වාසනාවන්තයි ඔය වගේ පුද්ගලයන්. මං හිතන්නේ ඒක තමයි ක්‍රිෂ්ගේ මූණ දැක්කම මෙච්චර ලොකු දැවැන්ත කාර්යය භාරයක් කරනවා, tech දැවැන්තයෙක්.. අපේ විදියට කියනවා නම්, ඒ කරලත් හරි සුන්දර හිනාවක් එක්ක හරි relax එකේ, හරි stress නෑ කියලා හිතෙන.. මට ක්‍රිෂ්ව දකිනකොට එහෙම දෙයක් තමයි දැනෙන්නේ.

දැන් මට හිතෙනවා ඒ තමං කරන දේ ආසවෙන් ඒක hobby එක රස්සාව විදිහට කරන නිසා සහ ඒකෙන්ම income එකක් හදාගෙන ඒකෙන්ම අපේ රටේ technology ලෝකෙට ගෙනියන එක, ලෝකේ තියෙන technologies මෙහේ engineers ලට දෙන එක, මේ synchronizes කරන එක ඔයා මේ කරන දැවැන්ත කාර්යය භාරය අස්සේ හරි සුන්දර හරි stress free ලස්සන හිනාවක් එක්ක ඉන්න මේ සුන්දර මනුස්සයාගේ රහස ඒක තමයි කියලා මට දැන් තේරුනේ. ඉතින් මං හිතනවා විශ්වයට ස්තූති වන්ත වෙන්න ඕනේ කියලා ඒ වාසනාව ඔයාට ලැබුනට. මේ වාසනාව පිටිපස්සේ මං හිතන්නේ ලස්සන කතාවක් ඇති. අපි හුඟක් කතා කළේ කම්පැනි එක ගැන, ඔයාගේ කාර්යය භාරය ගැන. මං කැමතියි ඔයාගේ අතීතයට යන්න. කොහොමද මේ දේවල් පටන් ගත්තේ මේ ආදරේ කොහොමද, මේ hobby එක? ඇත්තමට it’s like you’ve falling love with technology නේ? ඉතින් ඒකට ලස්සන ඉතිහාසයක් ඇති, ලස්සන කතාවක් ඇති. කෙටියෙන් කියමුකෝ, ඒ කතාව අපිත් එක්ක බෙදා ගන්නකෝ.

Krish: ඉස්සර ඉඳන් තිබ්බ ආසාවක් තමයි ඔය තාත්තා, අම්මා හරි මොකක් හරි gadget එකක් අරන් දීපුවම අනිවාර්යෙයන් මං ඒක use කරනවට වැඩිය ඒක ගලවලා බලන එක තමා මගේ වැඩේ තිබ්බේ, ආසාව තිබ්බේ මං හය වසර, හත වසර වගේ ඉද්දි. ඊට පස්සේ ඔහොම කරන් යද්දි, තාත්තා ගෙනවා phone එකක්. මං හිතන්නේ motorola phone එකක්, ගඩොල් භාගයක් වගේ phone එකක්. ඊටපස්සේ එන්න ඒ phone එක කොහොම හරි කැඩුනා. ඕක තමා ඉස්සෙල්ලාම මං ගලවපු phone එක. ගලවලා ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බැලුවා. ඊටපස්සේ බලලා ඔහොම චුට්ටක් කාලයක් යද්දි දැන් mobile phone industry එක develop වීගෙන ආවා, Nokia phones තමයි ඒ කාලේ ආවේ. Nokia, motorola, Sony ඒ phones තමයි ගොඩක් ආවේ. keypad phones ආවේ ගොඩක්. එතකොට ඒ phones එද්දී, මම හත, අට වසර වගේ, ඔය ගොඩක් mobile phones shop වලට නිතරම යනවා ඒවා බලන්න. එතකොට එහේ ඉන්න අයියලා මගෙත් එක්ක ගොඩක් හොඳයි. එතකොට මේ ගොල්ලෝ මං ඔහොම ඉද්දී mobile phones ගොඩක් එනවා කැඩිච්චා හදන්න. ඊටපස්සේ මොකද කරන්නේ ඒ ගොල්ලෝ ඒ ෆෝනස් ඇවිල්ලා, සමහර ඒවා හදන්න බෑ කියලා පැත්තකට දාලා තියෙනවා, විසික්කලා දාලා තියෙනවා ඔහොම දේවල් කරනවා ඒ ගොල්ලෝ. ඊටපස්සේ මං කරන වැ‌ඩේ තමයි ඔය මොකක් හරි phone එකක් එයාගෙන් ඉල්ල ගෙන ගිහිල්ලා මම ඒ phone එක කොහොම හරි හදලා, ඊටපස්සේ shop එකට ගෙනත් දෙනවා. මං ඔහොම දෙපාරක්, තුන්පාරක් කළා නිකං කරන්නේ, සල්ලි වලට කරන්නෑ. ඊටපස්සේ මට එයාම දෙනවා phones ටික, මෙන්න මෙහෙම කරන්න, මෙකේ මොනවද තියෙන්නේ කියලා බලන්න කියලා. ඔහොම මං කොහොම හරි නවය, දහය වසරේ ඉද්දීම මං ඕක පටන් ගත්තා. ඒක මං ඇත්තටම business එකක් විදිහටම කරා. ගොඩක් ඒ කාලේ මං කොල්ලෙකුට ඕනේ සල්ලි මං හොඳටම හම්බ කරා, ඒ කාලේ මං හොඳ phones ගත්තා, ඒ හම්බ කරපු සල්ලි වලින්. ඒ කාලේ ඒ පැත්තට නැඹුරු වුණු කට්ටිය ගොඩක් අඩුයි. ඊටපස්සේ iphone එකක් එහෙම ගත්තා නම් software එකක් හරි flash කරන්න එයා නිකං මැජික් එකක් වගේ තමා බලාගෙන ඉන්නේ. ඒ වුනාට ගෙදරෙත් මට ඒ හැම පහසුකමක්ම ලැබුණා. තාත්තා internet connection එකේ ඉඳන්, machine එකේ ඉඳන් ඔක්කොම මට ගෙනත් දුන්නා, ඔයා ආස දේ ඉගෙන ගන්න කියලා.

Yureni: මොකද ඒ කාලේ තමයි technology boom එක ආවේ. ඉතින් දෙමව්පියන්ට සාමාන්‍යයෙන් රැකියාවක් කියද්දි standards තියෙනවනේ. දොස්තර කෙනෙක් වෙන්න ඕනේ, ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. මේ field එකක්, එතකොට technology field එකක් කියලා එකක් ඒ කාලේ තිබුන්නෑනේ. ඉතින් දෙමව්පියන්ගෙන් කොහොමද reaction එක ඔයා මෙහෙම දේවල් කරන කොට?

Krish: තාත්තා ඇවිල්ලා ගොඩක් discourage කරේ නෑ, හැමවෙලේම encourage කරා ඒ වගේ දේවල් වලට, අම්මත් එහෙම තමයි. මම මොනවා කරත් phones ගෙනල්ලා ගොඩ ගහලා, මගේ කාමරෙත් තියෙන්නේ නිකං මොකක්දෝ එකක් වගේ. ඒකේ phones එහෙම ගොඩක් දාලා තියෙනවා. ඊටපස්සේ ඒවා හදනවා. තාත්තා මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඉගෙන ගන්නත් push කළා. ඉගෙන ගත්තා. ඉගෙන ගන්න එකත් හරියට කරා. ඒ කරගෙන යද්දි තාත්තට ඕන වුනේ මාව doctor කෙනෙක් කරන්න. හැබැයි ඒ පැත්ත මං ආස නෑ.

කොහොම හරි ඔහොම කරන් ඉද්දි ඔය mobile phone පැත්තෙන්ම ඔය දැනුම ගත්තෙත් මං ඒ කාලේ ඒ phones හද හද හද. සමහර phones එනවා ඔය මං කිව්වා වගේ custom roms දාන්න එනවා. එතකොට ඒකේ තියෙන version එක 4.0 හැබැයි එයාට ඕනේ 5.0 හැබැයි officially update එක එනවා ඒගොල්ලොන්ට දෙන්න, ඒ company එකෙන් ඒ update එක වැඩ නෑ. ඊට පස්සේ මං මොකද කරන්නේ net එකේ හොයනවා custom roms. ඊටපස්සේ ඒක root කරන විදිහ, ඒකේ root කරනවා කියන්නේ මොකක්ද, ඊටපස්‌සේ මට ඕන වුනා, මං කරලා දෙනවා ඒවුනාට මං දන්නෑ ඒකේ තියෙන අන්තර්ගතය මොකක්ද කියන එක, මං මොකක්ද මේ කරන්නේ කියන එක. ඊටපස්සේ ඒක දැන ගන්න අවශ්‍යතාවයක් වුන නිසා තමයි මං ඒ ගැන ගොඩාක් deeply ඉගෙන ගත්තේ. තවදුරටත් කියනවනම් මං මේ දැන් කරපු වැ‌ඩේ, මම ඇත්තටම දන්නෑනේ මං මොන path එක්කද යන්නේ කියලා මට දැන ගන්න ඕන වුණා මේකේ ඇතුළේ මොනවද තියෙන්නේ, ඊටපස්සේ deeply ඉගෙන ගන්න ඕන වුණා මට මේක කරන විදිහ. මට ඕන වුණා අලුත් product හදන්න. ඒ හදන විදිහ කොහාමද, ඒ සම්පූර්ණ process එක දැනගන්න. එතකොට මම ඊටපස්සේ IT degree එක follow කරා, අවුරුදු දෙකක් විතර. ඊටපස්සේ ඒකෙන් මට තේරුණා එතනින් මට කර ගන්න බැහැ කියලා. ඊටපස්සේ මට තේරුණා මේකේ තියෙන්නේ එතන නෙමේ solution එක, මේකේ software engineering degree එකක් තමයි කරන්න ඕන කියලා.

ඊටපස්සේ ජාවා උසස් අධ්‍යාපන ආයතනයට ශිෂ්‍යත්වයත් එක්ක මට හම්බුණා chance එකක්. ඊටපස්සේ මම ඒකට ගිහිල්ලා මම දැන් programming ඉගෙන ගත්තත්, මම සාමාන්‍යයෙන් programming දන්නවා. level එක්කට දැනගත්තත් මං දන්නේ අරහෙන් මෙහෙන් ගත්ත දැනුම. ඊටපස්සේ ඒකේ මට ඕනේ මාව හරි path එකකට track එක්කට මාව යවන්න. එතකොට මං හිතුව හරිම දේ එතන track එක්කට මාව වැටුණා. track එකට වැටිලා මම කොහොම හරි එහේ ඉගෙන ගන්න ගමන්ම වැඩ කළා, greentel company එකට මාව වැඩ කරන්න ගත්තා, එහේ ඉන්න directors ලා interview එකක් තියලා. ඊටපස්සේ ඒකත් එක්කම මේකත් හම්බුනා, ඒකත් හම්බුනා. හරියටම මගේ ඔක්කොම ටික මැප් වෙලා, ලයිෆ් එක එතනින් ස්ටාර්ට් වීගෙන ගියා.

Yureni: ක්‍රිෂ්, පොඩි වයසකදී අවුරුදු 27 ක් කියන කාල සීමාවේ දී ගොඩාක් දේවල් achieve කරලා තියෙනවා. වාසනාව, ඔයාගේ උත්සහය, පොඩි කාලේ ඉඳලා තිබ්බ ආසාව මේ හැමදෙයක්ම එක්ක ඔයා එක path එක්කට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඔයා මං හිතන්නේ යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් තියෙනවා. මං කැමති ඔයා වගේ කෙනෙක්ට මොනාද තව achieve කරන්න තියෙන්නේ, මොනාද තියෙන future plans? කියල දැනගන්න?

Krish: Java Institute for Advanced Technology ආයතනයෙන් මං IIC University එකේ Bachelor of Engineering degree එක මං complete කරලා තියෙන්නේ. ඉස්සරහට තියෙන අනාගත බලාපොරොත්තු තමයි කෙලින්ම PHD එකකට යන එක. මං PHD එක්කට ගිහිල්ලා තවදුරටත් මේ විශය පථයේ ගැඹුරටම හදාරන්න තමයි මගේ ආසාව තියෙන්නේ.

Yureni: ඒ ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා අපි wish කරනවා. මේ ගමනෙදි ඔයාට ස්තූති වන්ත වෙන්න ගොඩාක් කට්ටිය ඇති. මං හිතන්නේ සාර්ථකත්වයක් මනුස්සයෙක්ගේ තියෙන්නේ කෘතඥභාවය කොච්චරක් තියෙනවද කියන එක මත. ඉතින් ඔයාට එහෙම කෘත ගුණ වෙන්න මේ path එකේ ඔයාට උදව් කරපු කට්ටිය ඇති.. professorsලා, lectutesලා, දෙමව්පියන්ගේ ඉඳලා යාළුවෝ ඇති.. මං හිතන්නේ මේ විශේෂ program එක, හැමදාම මේ වගේ programs වල ඔයාලගේ success story එක කියන්න chance එකක් හම්බ වෙන්නෑ. මේක හොඳ අවස්ථාවක් ඒ හැම කෙනෙක්මට ස්තූති වන්ත වෙන්න. ඉතින් ඒ කට්ටියවත් අපි මතක් කරමු.

Krish: අනිවාර්යෙන්ම. ඉස්සෙල්ලාම මගේ අම්මා, තාත්තා අද ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඒ ගොල්ලෝ නැත්තන් අද මම මෙතන නැහැ. හැම තැනකදිම මට උදව් කරා හැම වෙලාවෙදීම. ගොඩක් අමාරුකම් තිබ්බා. අපි කොළඹට ඉගෙන ගන්න එන වෙලාවේ සමහර දවස් වලට beach එකේ නිදා ගෙනත් තියෙනවා ඉන්න තැනක් නැතුව. එතකොට සමහර විට එක වේලක් කාලත් තියෙනවා අතේ රුපියල් 200 ක් නැතුව කන්නවත්. ඒ ගමේ ඉඳන් එන්න සල්ලි නැතුව. එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ හොඳට හිටියා. එක එක ප්‍රශ්න එනවනේ එක එක්කෙනාගේ ජීවිත වලට.

Yureni: අනිවාර්යයෙන්. ඒ ප්‍රශ්න ශක්තිමත් කරනවනේ. එතකොටනේ ඒවා සුන්දර වෙන්නේ නේද?

Krish: අනිවාර්යෙන්. ඊටපස්සසේ ස්තූති කරන්න ඕනේ අපේ lecture panel එකට. ජාවා උසස් අධ්‍යපන ආයතනයේ lecture panel එක ගොඩක් උදව් කරා මට මේ තැනට එන්න. scholarship එකක් හම්බ වුණා. ඒ වගේම එතනින් ගත්ත දැනුම හරි track එක්කට මාව දැම්මා. මං ඉගෙන ගන්න ඕන දේ හරි track එක්කට මට map වුණා මං කරන්න ඕන මොකක්ද කියන එක. programming පැත්තෙන් ගත්තොත්, ඇත්තටම පිළිවෙලක් වුණා මං කරන දේ.

එතකොට තව මං විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන අපේ company එකේ directors ලා. Mr Sidesh Mallawaarchchi and Mr Nagulesh. ඒ දෙන්නා ගොඩාක් මට උදව් කරනවා මේ දේවල් කරන්න. කවදාවත් මොනවාහරි වැරදුනොත් මට වචනයක්වත් කියන්නෑ, මට බනින්නෙත් නෑ මුකුත් නෑ, හරි මල්ලි හරි කමක් නෑ වැරදුනානේ හරි කරන්න කියලා පාඩුවේ යනවා. ගොඩක් වරදිනවා මේ field එක ගත්තොත් ගොඩක් දේවල් වරදිනවා. වැරදි කර කර තමා අපි හරියට හදාගන්න ඕන. එතකොට මොනා වුනත් ඒගොල්ලෝ මට support කරනවා. අපි චීනෙත් එ‌හෙම ගිහිල්ලා වැඩ කරනවා. ගොඩක් වෙලාවට චීනෙට යන්න chance එක හම්බෙනවා. එතකොට එහේ ඉන්න ඒ මං කියපු ලොකු tech companies වල වැඩ කරද්දි හැම සපෝට් එකක්ම දෙනවා. ඉන්න, කන්න, බොන්න, එහේ ගිහිල්ලා ෆන් ගන්න ඕන එක්කට ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා. එතකොට ඒකට මං ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕන ඒගොල්ලොන්ට.

ඒ වගේම මට උදව් කරපු මගේ මල්ලි, මගේ නංගී ඒගොල්ලොන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.. ඊටපස්සේ විශේෂ එක්කෙනෙක් ඉන්නවා මගේ ආදරවන්තිය. මං මෙතන්ට එන්න මං ගොඩක්ම දේවල් වලට apply කර කර ගොඩාක් දේවල් වලට මට පාර පෙන්නලා මට guide කරන්නේ තාමත් එයා තමයි. ඒ කියනනේ එයත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක්. එයා මට දුන්නේ ඒ support එක motivation එක තාමත් දෙනවා. ඒ නිසා තමයි මං ඔය කිසිම දෙයක් stress එකක් නැතුව කරන්නේ. මං ගෙදර ගිහිල්ලා උනත් lap එක මං ඇඳේ දාගෙන මං ඒකේ වැඩ කරනවා. අපේ තව ගෙදරක වුනොත් එහෙම lap එක අරගෙන phone එක අරගෙන වටේ තියාගත්තොත් එහෙම අනිවාර්යෙන් ගෙදරෙන් එළවනවා. මට එහෙම කිසි ප්‍රශ්නයක් නෑ, ඔයා ඕන තරම් වැඩ කරන්න කියන chance එක එයා මට හැමවෙලේම දෙනවා. එතකොට මේ කියපු කට්ටියට තමා මං ගොඩාක්ම ස්තූතිවන්ත වෙන්න ඕන.

Yureni: ගොඩාක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ගොඩාක් කට්ටිය ඔයාගේ success එක පිටිපස්සේ ඉඳලා තියෙනවා. ඒකටත් ඔයා වාසනාවන්ත වෙන්න ඕන, ඔයාව තේරුම් අරගෙන, ඔයාගේ path එක තේරුම් අරගෙන, ඔයාව ඒකට දාලා ඒ තුලින් ලොකු ගමනක් යන්න. මගේ හිත කියනවා ඔයා ලංකාවේ දැවැන්ත චරිතයක් වෙයි කියලා. අපේ ලංකාවේ නම ජාත්‍යන්තරයේ බබළවන tech ninja කෙනෙක් වෙයි කියලා. ඉතින් 2021 වර්ෂයේ ඔයාට සුභ වෙන්න කියලා විශ් කරනවා.

ක්‍රිශ්, ඉතින් අවසාන වශයෙන්, ඔයාව බලන් ඉන්න තරුණ පරපුරක් ඉන්නවා, මේ program එක focus කරන්නේ තරුණ පරම්පරාවට.. ඔයාගේ අද කතාව අහලා මටත් ක්‍රිශ් අයියා වගේ වෙන්න ඕන කියන කට්ටිය ඇති. ඒ අය වෙනුවෙන් දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද?

Krish: ඇත්ත වශයෙන්ම කියනවා නම්, දැන් මම එහේ වැඩ කරද්දි මං දැක්ක දෙයක් තමයි, ඔයගොල්ලෝ software engineer කෙනෙක් හරි, hardware level එකේ engineer කෙනෙක් හරි, එක එක field වල ඉන්න කට්ටිය ගත්තොත් ඒගොල්ලොන්ට කරන්න පුළුවන් එක වැඩක් විතරයි. firmware development කියලා ගත්තොත් ඒකේ firmware development තියෙනවා එක එක categories. එතකොට එයා ඒකේ specialist කරලා තියෙන්නේ ඒ category එක විතරයි. හැබැයි ඔයා ලංකාවට ආවොත්, ලංකාවේ ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගත්තොත් ඒගොල්ලොන්ට ඕන area එකක් touch කරන්න පුළුවන්. multi-talented ඒගොල්ලෝ. ඒගොල්ලෝ කරන දේවල් වලින් මේ ගොල්ලොන්ට සාමාන්‍යයෙන් ඒ සම්පූර්ණ area එකම touch කරලා ඒ හැම පැත්තක්ම

බලන්න පුළුවන් talent එකක් තියෙනවා. ලංකාවේ ඉන්න කට්ටියට full stack development කරන්න පුළුවන්. හේතුව දැන් මං කලින් කිව්ව විදිහට එහේ පිටරටවල ඉන්න කට්ටියට කරන්න පුළුවන් ඒ specialize කරපු area එක විතරයි. හැබැයි ලංකාවේ කට්ටියට එහෙම නෙවෙයි. ලංකාවේ කට්ටියට උපතින්ම ඒ දක්ෂතාවය තියෙනවා, හැම දෙයක්ම ගැනම අධ්‍යනය කරන්න. එක මොහෙතකදි හැමදෙයක්ම ඒගොල්ලන්ට map කරන්න පුළුවන් talent එකක් තියෙනවා. ඒ නිසා මං ලංකාවේ ඉන්න කට්ටියට කියන්නේ ගොඩක් දේවල් වලට, ඒ කියන්නේ වෙනස් දේවල් වලට යොමු වෙන්න කියලා. දැන් ඔය bug bounding programs වගේ ඒවාට try කරලා බලන්න. ඒ වගේ එකම තැනකට කොටු වෙලා ඉන්නැතුව වෙනස් වෙනස් දේවල් වලට යන්න බලන්න. එතකොට තමා ඔයගොල්ලොන්ට ලොකු විශය පථයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ.

Yureni: උපතින්ම තියෙනවා. පිහිටීම තියෙනවා. හරි ඉතින් බොහොම ස්තූතියි, ක්‍රිෂ් අපිත් අද එක්ක එකතු වුණාට. මං හිතන්නේ tech enthusiast ලට අද මේ program එක හරී interesting. ඒගොල්ලෝ මං හිතන්නේ ආයෙමත් ආයෙමත් repeat කර කර බලයි share කරගත්ත දේවල්. ඉතින් ‌බොහොම ස්තූතියි ඔයාගේ කාලයට. අපි සුබ පතනවා හැම දේම ඔයා හිතන පතන විදිහට සාර්ථක වෙන්න කියලා. ඉතින් ලබන සතියෙත් මෙවැනිම tech ලෝකය ජයග්‍රහණය කරපු දැවැන්තයෙක් එක්ක අපි එකතු වෙනකම් හැමෝටම සුභ සතියක්.