News details

image
10 June, 2021

MeyTech Software Company | Java Institute |Entrepreneurs

tharunaya.com සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සකස් කරන ලද්දේ :

Dananji Kulathunga
Media Unit - Java Institute

Yureni: මේ තමයි “Orion City” එකට මගේ පළවෙනි visit එක, “Orion City” එකට. “Orion City” කියන්නේ ලංකාවේ “Silicon Valley” කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ මෙහේ තියෙනවා Internationally Branded companies 35 කට වැඩි ප්‍රමාණයක් සහ මේ “Orion City” එක අක්කර 16 ක භූමි ප්‍රමාණයක් එහෙම නැත්නම් වර්ග අඩි වලින් ගත්තොත් වර්ග අඩි මිලියනයක ප්‍රදේශයක තමයි මේ “Orion City” එක තියෙන්නේ. world class Software Engineering Companies එහෙමත් නැත්නම් top level Software Engineering Companies තියෙන්නේ මේ “Orion City” එකේ. මේ “Orion City” එකේ space 1 ක්, ඉතින් ලොකු company එකකට මේකේ space එකක් ගන්නවා කියන එක it’s a dream come true. ඒක සුළු පටු දෙයක් නෙවේ, ඒක සිහිනයක් සැබෑ වීමක්. ඉතින් අද මේ space එකේ, මේ “Orion City” එකේ Software Engineering world එක ජයගත්ත අති දැවැන්ත පුද්ගලයින් දෙදෙනෙක් කොහොමද මේ සිහිනය සැබෑ කරගත්තේ කියන දේ, කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ..

Maytech Technologies හි හිමිකාරයින්, තරුණ අයිතිකාරයින් දෙදෙනෙක් තමයි අද කතාබහට එකතු වෙන්නේ. දිල්ශාන් සහ හෂාන්, දෙන්නා පොඩි කාලේ ඉඳලා යාළුවෝ ද?

Dilshan: අපි යුරේනි මෙහෙමයි, ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම යාළුවොත් නෙමෙයි. 2010 දී “Java Institute” එකේදී තමයි පලවෙනි වතාවට අපි මුණගැහෙන්නේ. එතනින් පටන් ගත්ත ආරම්භය තමයි අපි වෙන වෙන තැන්වලට ගිහිල්ලා ආයේ 2015 දී හම්බවෙන්නේ.

Yureni: දෛවෝපගත සිදුවීම් කියන්නේ ඒවා, ඒ වෙලේ හිතුවද අවුරුදු 5 ක් ඇතුළත මේ ලංකාවේ “Silicon Valley” එකේ company එකක අයිතිකාරයෝ දෙන්නෙක් වෙයි කියලා?

Dilshan: අපිට පටන් ගද්දී target එකක් තිබ්බා අපි මෙතෙන්ට යනවයි කියන එක ගැන, මොකද එතනදී අපේ campus යන ළමයින්ගේ තිබ්බ ප්‍රශ්නයක් තමයි ඒ ළමයි හරි කැමති මේ වගේ තැනක ජොබ් එකක් කරන්න. 2011, 2012 වගේ කාලෙදී ලොකු institute ප්‍රමාණයක් ලංකාවේ තිබ්බෙත් නැහැ. Software Engineering field එක ලොකුවට තිබ්බෙත් නෑ. ඒ කාලේ “Java Institute” එකෙන් තමයි අපිව promote කරේ, අපිට මේ මේවා කරන්න කියලා. ඒ කාලෙදී අපේ වයසේ ළමයි හිතන් හිටියේ ලොකු තැනක IT ජොබ් එකක් කරන්න: company එකක අයිතිකාරයා වෙන්න නෙමේ. මම first time entrepreneur කියන නම ඇහුවේත් Dr. Ishantha Siribaddana ගෙන්, ඒ කියන්නේ “Java Institute” නිර්මාතෘ ගෙන්. එතනින් තමයි අපි ඒ වැඩේ පටන් ගත්තේ. ඉතින් එතනින් අපේ ඔළුවට දාපු දේ තමයි “ඇයි ඕගොල්ලෝ ජොබ් එකක් කරන්නේ, ඇයි ඕගොල්ලොන් බැරි තව කෙනෙක්ට ජොබ් එකක් දෙන්න”. මේ විදිහට තමයි අපේ වැඩේ පටන් ගත්තේ.

Yureni: ෂා, ලස්සන කතාවක් . අපි හැමෝටම තියෙනවා life එකේ purpose එකක්.. මන් හිතන්නේ ජොබ් එකක් දෙනවා කියලා කියන්නේ සමාජ කාර්යයක්, අපි රස්සාවක් දෙනවා කියන්නේ මුළු පවුලක් පෝෂණය කරනවා එක. මං හිතන්නේ එතනින් තමයි සාර්ථකත්වය කියන එක එන්නේ?

Dilshan: මොකද අපි නැති කාලෙක අපේ නම රැදෙන්න නම්, අපි යම් කිසි දෙයක් ඉතුරු කරලා යන්න ඕනේ ලෝකෙට.

Yureni: මට දැන් ඉවසිල්ලක් නෑ කතාව අහන්න. පොඩ්ඩක් ඔහොම්ම ඉන්න, මොකද දැන් හෂාන් පොඩ්ඩක් silent වෙලා හිටියා වැඩී, ඒක නිසා මං දැන් හෂාන්ගේ පැත්තට යොමු වෙනවා. හෂාන්, හැමතිස්සෙම නිවිලද ඉන්නේ දිල්ශාන්? හෂාන්ගෙන් මං කෙලින්ම දකින දේ මුලින්ම අහලා ඉන්නවා. හෂාන්ගේ දැන් හොඳ ඇඟක් තියෙනවා. Gym යනවා නේද..හරිනේ? හරි gym යන්නේ උදේ ද, හවස ද?

Hashan: හරි. රෑ 8 ඉඳලා 11 වෙනකන්. ඒ කියන්නේ දවල් වරුවේ වැඩ කරලා ඒකේ ආතතිය stress එක release කරගන්න gym එකට යන්නේ.

Yureni: හෂාන් Maytech Technologies හි ඔයාගේ කාර්යය භාරය මට කියන්න.

Hashan: මං ගත්තෝත් ගොඩක් වෙලාවට දිල්ශාන් කරන දේ opposite side එක කරන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම ඉන්නේ technologies එක්ක. ඊට පස්සේ ගොඩක් වෙලාවට ඉන්නේ laptop එක ඉස්සරහා, technology පැත්තෙන් අළුත් දේවල් හොයනවා. ඒවා තමා ගොඩක් වෙලාවට අපි implement කරන්නේ. company එක පැත්තෙන් ගත්තොත්, එහෙම තමයි මගේ life එක යන්නේ.‍

Yureni: හරි. එතකොට දිල්ශාන්ගේ කාර්යය භාරය වෙන්නේ මොකක් ද?

Hashan: දිල්ශාන් ගොඩක් වෙලාවට අනිත් side එකේ ඉන්නේ. marketing පැත්ත, management පැත්ත ඔක්කොම දිල්ශාන්ගේ අතේ තමයි තියෙන්නේ.

Yureni: අපි එහෙනම් ඕගොල්ලන්ගේ ආරම්භයේ ඉඳලම පටන් ගමු නේද‍? පටන් ගමු.

Hashan: ඇත්තටම මාර සතුටුයි මෙතන්ට ආපු එක ගැන. අපි ලොකු journey එකක් ආවා අවුරුදු 3 කදී, ඒ කියන්නේ අවුරුදු 3 ක් ඇතුළත දී අපිට එන්න පුළුවන් උපරිමයටම, අපි හිටපු තැනයි මෙතනයි බලද්දී ලොකු boost එකක් එක්ක ලොකු journey එකක් ආවා.

Yureni: දිල්ශාන් කිවුවා 2011 දී Java Institute එකේදී තමයි දෙන්නා හම්බවුනේ කියලා. Java Institute එක තමයි මේකේ අඩිතාලම විදිහට ඕගොල්ලෝ දකින්නේ, ඇත්තමට ඔය දෙන්නගෙ හමුවීම සිදුවෙන්නේ එතනදී. එතකොට Maytech technologies ඒ කාලේ මෙහෙම එකක් තිබුනේ නෑනේ, අපි කියමු software engineering company එකක් දාන්න ඔයගොල්ලන්ට idea එකක් ආවේ කොහොමද කියලා, 2011ම ඔයගොල්ලන්ට ඒ idea එක ආවද? කොහොමද ඒක වුනේ?

Dilshan: අපිට ව්‍යාපාරයක් පටන් ගන්න idea එකක් තිබ්බා පොඩිකාලේ ඉඳන්. නමුත් අර මොන පැත්තටද යන්නේ කියන එකේ එහෙම idea එකක් තිබ්බේ නෑ. අනික technology කරන්න ආසාවක් තිබ්බට ඒකෙන් ව්‍යාපාරයක් හදන්න පුළුවන් කියන එකේ ඔළුවේ ලොකු idea එකක් තිබ්බේ නෑ. අපි A/L කරලා ඉවර වෙලා, ඇත්තටම 2nd Shy A/L කරලා ඉවර වෙලා තමයි අපි Java Institute එකට ඇතුල් වෙන්නේ. එතනදී අපිට Dr. Ishantha Siribaddana, එතුමා අපිට guidance දෙනවා ඕගොල්ලෝ හැමවෙලාවෙම ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ target එකට යන්න ජොබ් එකක් කරලා ලේසි නෑ. ඇත්තම කතාව අපේ target වලට යන්න ජොබ් එකක් කරලා ලේසී නෑ.

එයාගේ ඒ idea එක මත අපිව හැම වෙලාවෙම push කලේ ව්‍යාපාරයකට යන්න. ඒකත් techno field එකේ. Technology based ව්‍යාපාරයකට යන්න කියන එක තමයි එයාගෙන් හැමවෙලාවෙම අපිට guidance හම්බුනේ. එතකොට ඒක base කරන් තමයි අපිට මේ අඩිතාලම දැම්මේ. එතකොට Java Institute එකේදී ඒකට ඕන සියලුම background එක ඒගොල්ලෝ අපිට build කරලා දුන්නා. ඒ කියන්නේ කොහොමද Customer කෙනෙක්ට මුලින්ම face කරන්නේ, එතකොට අපිට මුලින්ම team එකක් හදාගන්නේ, මොකද අපිට company එකක් කියන්නේ team එකක්, අදටත් අපේ company එක ඇතුලේ team එකක් විදිහට work කරන්නේ. මෙයා CEO මම COO වත් වුනා කියලා කවදාවත් අපි වෙනම රූම් එකක table එකක අපි ඉන්නෑ. අපි ඉන්නේ එකම floor එකේ. මොකද අපේ විසි ගානක් work කරනවා, ඒ විසි ගානම ඉන්න floor එකේ තමයි අපි හැම වෙලාවෙම ඉන්නේ. මොකද ඒගොල්ලොත් අපි අතර distance එකක් නෑ. එතකොට තමයි අපි කතා කරන එක ඒගොල්ලන්ගේ හදවතට දැනෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි team එකක් manage කරන්නේ. ඉතින් ඕවා ඔක්කොම අපිට උගන්නලා තිබ්බේ Java Institute එකෙන්. ඒ පන්නරය තමයි අපිට මේ තැනට එන්න ලොකු සාධකයක් වුනේ.

Yureni: අර කියනවා වගේ දැන් නූතන ලෝකේ ව්‍යාපාරවල් වල සාර්ථකත්වය තියෙන්නේ අර ඉස්සර ස්වාමියා - සේවකයා කියන rule එකනේ තිබ්බේ, දැන් එහෙම නෑ Right. දිල්ශාන්ගේ විස්තරත් ඇහුවා. හෂාන් ඔයාට මොනවද කියන්න තියෙන්නේ?

Hashan: මම ඉස්කෝලේ කාලේ ඉදන් මුකුත් IT, database, technology side එකත් එක්ක කිසිම දෙයක් කරලා තිබ්බේ නෑ. ඒ කියන්නේ A/L වෙනකන් කිසිම දෙයක් ඒ සම්බන්ධව, අඩු ගානේ මට game එකක් install කරන්නෙත් යාළුවෙක් ඇවිල්ලා. මම software field එකට එන්න හිටපු නැති කෙනෙක්. ඒ කියන්නේ ස්කෝලේ යන කාලේවත් interest එකක් තිබ්බේ නෑ. මම maths කරේ A/L වලදි. ඊට පස්සේ institute එකට ආවට පස්සේ තමයි පෙන්නේ මේක පොඩි chill එකක් තියෙනවා කියන්නේ, මේකේ problems එනවා ඊටපස්සේ ඒවට අපි solutions දෙනවා ඒවත් එක්ක ඒක නිකං ඇඟේ කෑල්ලක් වගේ වෙනවා. කොහොමද problem එකක් දකින්නේ, ඒ problem එක solve කරන්නේ කොහොමද, ඒකට practically approach කරන්නේ කොහොමද, අපි ගොඩක් කරේ real client ලට actual solution දීපු එක.

Yureni: ඒ කියන්නේ training period එකේ ඔයගොල්ලෝ ඒවා කරා?

Hashan: ඔව්. training period එකේ. ඒකෙන් තමයි ගොඩක්ම මේ field එකට interest එකක් ආවේ. එහෙම තමයි මේ වැඩේ පටන් ගත්තේ.

Yureni: ඔයත් මේගොල්ලොන්ගේ batch එකේම ද?

Dilshan: batch දෙකක පරතරයක් තියෙනවා අපි දෙන්නා අතර, මෙයා senior. මම එනකොට මෙයා මගේ part එක කරලා ඉවරයි. එතකොට අපි junior. එතකොට මගේ පැත්තට එද්දි ඒ අර එහෙදී හැදුව group concept එක. කලින් කිව්වා වගේ company එකක් කියන්නේ team එකක්නේ. එතකොට group එකේ leader හිටියේ මං, ඒ knowledge එකෙන් තමයි මං අද මේ company එකේ management සම්පූර්ණයෙන් කරන්නේ. ඒ කියන්නේ human resources manage කරන්නේ කොහොමද, train කරන්නේ කොහොමද, ඒ ගොල්ලොන්ගේ heart එකට කතා කරන්නේ කොහෙමද, ඒගොල්ලන්ව replace කරන්නේ කොහොමද, වගේ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා, plus දැන් තියෙන experience එක ඉතින් ඒක තමයි අපිට අඩිතාලමක් වුනේ company එකක් දාන්න.

Yureni: දැන් හෂාන් කිව්වා 2011, A/L ඉවර වෙච්ච ගමන් තමයි මේ software engineering වලට ඔබ යොමු වෙන්නේ. හරි පොඩි වයසක්. මං දැන් 2011 ඉඳලා 2020 ට ගණන් හදලා බලනකොට හිතුනේ.. ලංකාවේ software engineering company එකක් දාපු ළාබාලතම 2 ඕගොල්ලෝද?

companies දාපු අය ඉන්නවා, ළාබාල. නමුත් මේ, ටික කාලෙකින් Orion City වගේ place එකකට මං දන්න තරමින් ඇවිල්ලා නැහැ, සාමාන්‍යයෙන් ළාබාල අය. එතන තියෙන්නේ ගොඩක් Multinational Companies නේ. අපි ඒ level එකට ඒක build කරන් ආවා. දැන් අපේ පළවැනි Branch තියෙනවා, Australian market එකේ, second market එක Japan වල open කරන්න already කතා කරගෙන යනවා.

Yureni: Maytech Technologies හි, ඉතිහාසය මොන වගේද?

Dilshan: ඔව්. මේකේ ඉතිහාසය ගත්තොත් මේකට එන්න කලින් අපි වෙන company එකක් කළා. අර Java Institute එකේ තිබ්බ group එක මම කම්පැනියක් විදිහට convert කරනවා, 11 දෙනෙක් එක්ක. ඒ කම්පැනි එක කැඩි කැඩි ඇවිල්ලා ඒක තමයි මේ විදිහට build වුනේ. ඒකේ ඉතිහාසය කිව්වොත් එහෙම මට වැඩිය Hashan senior. එතකොට හෂාන් මට වඩා step එකක් ඉස්සරහට ගිහිල්ලා ජාවා වලදී. මං හරි කැමතියි customersලා එක්ක වැඩ කරන්න, මිනිස්සුත් එක්ක කතා කරන්න, මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න, ඒවට solutions දෙන්න වගේ වැඩ වලට. ඒකෙදී අර ඒ පන්නරය නිසා මං ඒ පැත්තට යොමු වුනා.

ඒකෙදී මම ඒ group එක, ඒ කියන්නේ Eagle Eye කියලා ඒ දවස් වල group එක name කරන් හිටියේ. අපේ group එක, බැජ් එකේ first වුනා. 2011 දී Java World Congress එකක් තිබ්බා. එකට අපේ team එක present කරා. ඒකට ගොඩක් කට්ටිය ආවා. මං හිතන්නේ software 200 කට එහා present කරා එතනදී. ඊටපස්සේ foreign countries වලින් ගොඩක් ආවා. මට එච්චරම මතකයක් නෑ රටවල් ප්‍රමාණය. අපේ softwares බැලුවා, අපිට medals හම්බුනා. ඉතින් ඒකෙන් තමයි අර ආසාවක් ඇති වුනේ ඊළඟ step එකට අපිට යන්න පුළුවන් කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ කම්පැනි එක අර යාළුවෝ ටිකත් එක්කම සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා. ඒකේ දිගුකාලීන ප්‍රතිපලයක් විදියට තමයි Maytech කියන එක අපි 2017 දී අපි පටන් ගත්තේ. 2017 අගෝස්තු 25 තමයි Maytech කියන company එක ලංකාවේ පටන් ගන්නේ. Maytech එකේ කලින් Softwares ඔක්කොම develop කරන්න දීලා තිබ්බේ ඉන්දියාවට, බංගලාදේශේට, යුක්‍රේන් වලට වගේ රටවල් වලට. එතනදී ඒ ආපු delivery එකත් එක්ක අපිට match කරන්න ඕනේ. ඊටපස්සේ අපි Australian company එකකට සිස්ටම් එකක් build කරනවා ඕක deliver කරනවා ඒගොල්ලෝ request කරන time එකට. හිතපු නැති විදිහට එතනදී තිබ්බා එක time deadline එකක් 3 months ව‌ගේ. එකේ තිබ්බා අපිට ලොකු challenges, ඒ කියන්නේ ERP එකක් එක්ක financial system එකක් build කරන්න තිබ්බා. ඒකත් එක්ක හදපු middleware එක අපි බිල්ඩ් කරේ. ඒක එයාලට හිතාගන්න බැරිවෙන්න deadline එකට කලින් deliver කරා, best quality එකට. ඒ කියන්නේ customer අපෙන් 100 ක් ඉල්ලලා අපි 110 ක් delivery කරලා තියෙනවා.

අපි ඒ වෙද්දී team එකක් build කරා. ලංකාවේ අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි 2014 වෙද්දි developers ලා නෑ. අපිට train කරන්න වුනා අර world market එකට match කරන්න පුළුවන්, outcome එකක් දෙන්න පුළුවන් skill සෙට් එකක් අපි develop කරා, ඇතුළේ. ඒක තමයි 2016, 17 ඇතුළේ ට්‍රැක් එක අපේ. එතනදී develop කරපු team එක තමයි අපි අර ටිකට release කරේ.

Yureni: 2017 Maytech Technologies පටන් ගත්තා. 2020 වෙද්දී ඔයගොල්ලෝ විශාල ජයග්‍රහණයක් ලබලා තියෙනවා. නමුත් ‌මේ ජයග්‍රහණ පිටුපස අභියෝග අනිවාර්යයෙන් තියෙනවා. අභියෝග තියෙන තරමට තමයි ජයග්‍රහණ. වැටීම් තියෙන තරමටම තමයි නැගිටීම් තියෙන්නේ. ඉතින් අපි කතා කරමු, මොනවගේ අභියෝග වලටද මුහුණ දුන්නේ, මොනවගේ කටුක අත්දැකීම් අවස්ථා තිබුනද මේ ගමනේ?

Hashan: ඔව්, අර project එක success වෙලා. ඊටපස්සේ අපිට project රැල්ලක් ආවා. project රැල්ලක් එන්නේ, එකේ success ratio එක වැඩි හින්දා. Australia වල customers වැඩි වෙලා projects වැඩි වෙලා පිටට ගිය ඔක්කොම Projects අපිට යොමු කලා‍. ඒ වෙද්දි අපේ team එකේ හිටියේ හත්දෙනයි. හත් දෙනෙක්ගෙන් මේක deliver කරන එක ලොකු challenge එකක් වුනා. ඒ වගේම developers ලා train කරන එක, ඊටපස්සේ ඒ training එකත් එක්ක කොහොමද අපි දැන් තියෙන market එකේ software වල standards maintain කරන්නේ. ඒ train කරපු team එක තියාගෙන ඒ projects ටික deliver කරන එක තමයි අපේ ලොකුම challenge එකක් වුනේ ඒ කාලේ. ‌මොකද projects එනවා අපි ඒවා deliver කරන්න ඕනේ. deliver කරද්දි team එකක් තියාගන්න ඕනේ. ඕක තමයි ලොකුම challenge එක වුනේ. train වේච්ච team members ලා තියාගන්න ඕනේ, තව අළුතින් එන අය කොහොමද ඉක්මනට train කරන්නේ, ඒ training sessions කොහොමද අපි coordinate කරන්නේ, ඒ වගේ මොනාද අපි train කරන්නේ වගේ අපි හිතුවේ නැති විදිහට ලොකු scope එකක් අපිට cover කරන්න වුනා.

Yureni: ඒ කියන්නේ ඔය දෙන්නා නිදාගත්තෙම නැද්ද ඒ දවස් වල?

Dilshan: නැතිතරම්. නිදාගත්තා කියන්නේ අපි සමහර දවස් වල හෂාන්ලගේ ගෙදර ගිහිල්ලා දවස් තුන හතර ගෙදර නැවතිලා වැඩ කරනවා. ඒගොල්ලෝ technical දේවල් බලද්දි මම බලන්න ඕනේ කොහොමද employee කෙනෙක්ව තියාගන්නේ, මොනාද ඒවට හදන්න ඕනේ modules, training කරන්න මොනවද ලේසි process, අපි කොහොමද ඒගොල්ලන්ව training කරන්නේ, මොකද අපි දෙන්නම ඇවිල්ලා tech background එකක් තියෙන කට්ටිය. මට management background එකක් තිබ්බේ නැහැ කලින්. එතකොට අපි ඒ ඔක්කොම self study කරලා ඒවට අළුතින් SOPs develop කරලා ඒ විදිහට තමයි මේක මේ තත්ත්වෙට ගෙනාවේ. මොකද අපිට QA කෙනෙක්වත් ඒ දවස් වල හිටියේ නෑ. එතකොට කොහොමද අපි QA process එකක් හදන්නේ, QA automation කොහොමද..

Yureni: ඒවා ඔක්කොම තනියෙන්…

Dilshan: ඔව් අපි දෙන්නා තනියෙන්. අපි දෙන්නා discuss කරලා, කොහොමද අපිට match වෙන විදිහට software customer ඉල්ලන standards වලට match වෙන විදිහට අපි කොහොමද හදාගන්නේ කියලා අපි දෙන්නා එකතු වෙලා තමයි ගොඩක්ම SOPs හදාගත්තේ. එතකොට කොහොමද market එකේ salary range එකත් තියෙනවා. එතකොට ඊටා වඩා අඩු salary range එකකට කට්ටිය අරගෙන කොහොමද අපි train කරන්නේ එතකොට ඒ train වෙන අය train වුනාට පස්සේ නොයා ඉන්න හේතු මොනාද. අනික train කරන එකත්. ඒක ඉක්මනට train කරන්න, මොකද demand එකට supply කරන්න. demand එකට supply එක දෙන්න ඕනේ. මොකද අපේ පොඩි අඩුපාඩුවක් ඇති customer නැති වෙන්න. ඒ වෙද්දි අනික company එක අනිත් companies එක්ක compete කරද්දි අපි පොඩි company එකක්. එතකොට කොහොමද අපි staff එක තියාගන්නේ. ගොඩක් කට්ටිය හදන්නේ මෙතනින් දේවල් technologies හරි අපේ experience එක අරගෙන තව company එකකට කොහොමද යන්නේ කියන එක. ඒවා කොහොමද අපි නවත්ත ගත්තේ. අපි කවදාක්වත් team member කෙනෙක්ට කිව්වේ නැහැ ඔයා employee කෙනෙක් ඔයා ඔයාගේ ගමන යන්න අපි අපේ ගමන යනවා කියල, අපි හැමදාම කලේ ඒගොල්ලොන්ගේ personal goal එකඅරගෙන ඒක කම්පැනි goal එකත් එක්කලා එක්කරලා ඒක parallelly එකට ආවේ.

Yureni: ඔයගොල්ලන්ගේ field එකට එන ප්‍රශ්නයක් තමයි හැමෝටම ඕන ජොබ් එකක් කරන්න කියන එක. වෙන ලොකු කම්පැනි එකක ජොබ් කරන්න තමයි ඒගොල්ලන්ගේ තියෙන ලොකුම ආසාව සහ අරමුණ. නමුත් technopreneur කෙනෙක් වෙනවා කියන එක ලේසියෙන් කාටවත් නෑ. ඔයගොල්ලෝ job 1ක් කරන්න dream එකක් තිබ්බ මිනිස්සු technopreneursලා කරා Company එකට ගෙනල්ලා තියාගෙන.

Dilshan: employee ලගෙත් levels තියෙනවා. ඒ කියන්නේ entrepreneur level employees ලා ගානට තමයි මේ ගොල්ලන්ව train කරේ. එතකොට ඒ ගොල්ලෝ තමයි ඉස්සරහට යන්නේ. අපි නැති දවසක හරි company 1 භාර ගන්න පුළුවන් level එකකට ඒගොල්ලෝ අපි develop කරලා තියෙනවා.

Yureni: දැන් අපේ හුඟක් කට්ටිය හිතනවා හරි දැන් අපි technopreneurs ලා අපි හැමදේම කලා හැබැයි ලංකාවේ opportunities නෑ පිටරටින් තමයි (ඩොලර්ස් වලින්) ආදායම් උපයන්න පුළුවන්, පිටරට තමයි opportunities ගොඩක් තියෙන්නේ, එහෙම කියලා ගොඩක් කට්ටිය පිටරට market එකට යනවා.

Dilshan: අපි ඒක වැරදි කියන්නෑ 100%ක්ම පිටරට market එකක් තියෙනවා. හේතුව ඒගොල්ලෝ Systematic වෙලා තියෙන්නේ ලංකාවේ Systematic වෙලා නෑ. ඒකයි ඔය ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ලංකාව තියෙන්නේ නොඉඳුල් market එකක්. ලංකාවේ මිනිසුන්ගේ ඔළු වෙනස් කරන්න පුළුවන් නම් ලංකාවේ තමයි software නැති market එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු market එකක් තියෙනවා ලංකාව ඇතුළේ ගොඩක් අයට software නෑ. හැම shop එකකම System එකක් නෑ. ඒවා එකිනෙක link වෙලා නෑ. cloud system හරියට වැඩ කරන්නේ නෑ. ගොඩාක් enterprise level company වල විතරයි ඕවා තියෙන්නේ. දැන් අපි deal කරන්නේ ගොඩක් වෙලාවට enterprise level companies එක්ක. ඒගොල්ලෝ ගාව විතරයි ඕවා තියෙන්නේ. එතනින් පල්ලෙහට නෑ. ඒ කියන්නේ එතනින් පල්ලෙහට ලොකු opportunity එකක් තියෙනවා ලංකාව ඇතුළේ. කවුරුත් ඕකට touch කරන්නෑ, මං කියන්නේ ඒකයි. ඒකට අපි touch කරන්න ඕන.

මම හිතන්නේ ලංකාවේ කොයි industry එකක් ගත්තත් හරි low market එකක් තියෙන්නේ. මිනිසුන්ට opportunities කියන දේ, විශේෂයෙන්ම දැන් මේ covid කාලේ මිනිස්සුන්ට job opportunities කියන දේවල් සෑහෙන create වුණා. ඒ කියන්නේ හිතන්නැති පැති වලින් හිතලා. software engineering කියන එකෙත් අපි හිතුවොත් opportunities තියෙනවා ඒකට ලංකාවෙන් පිට ගිහිල්ලා නෙමෙයි, ලංකාවේ ඇතුලේ ඉදලත් ඩොලර්ස් වලින් හම්බ කරන්න පුළුවන්. දැන් ගොඩක් ඒ field එක build වෙවී එනවා මොකද upwork, fiverr වගේ sites වලින්. ගොඩක් දැන් ඉන්න developers ලා freelancing කරලා ලංකාවට projects ගන්නවා. කලින් ඕක තිබ්බේ නැහැ, දැන් ටික ටික step by step ලංකාවෙත් හැදීගෙන එනවා.

Yureni: දැන් ඔය දෙන්නා මේක බලාගෙන ඉන්න තව කට්ටියට මෙතනට එන්න ලොකුම inspiration එකක්. තව ඉස්සරහට කට්ටිය උත්සහ කරයි ලංකාවේ මේ තැනට එන්න අඩුම වයසකින්. ඔයගොල්ලන්ගේ record එකත් break කරයි. under 30 නෙවෙයි under 20 වෙයිද දන්නෑ. අපි දැන් Maytech Technologies 2017 ආරම්භ වුනාට පස්සේ මේ කාලය තුල ඔයගොල්ලෝ මුහුණ පෑව අභියෝග හෂාන් එකක් කතා කලා. දැන් Maytech Technologies නිර්මාණය වෙන්න කලින් ඒ කියන්නේ ඔයගොල්ලෝ එතනට එන ගමන දක්වා මොනවාහරි මුහුණපෑව අභියෝග මොනවද , ඔයාලා ඊට කලින් companies පටන් ගත්තද ඒවා වැහුවද ඒ ගැන ටිකක් කියමුද?

Dilshan: ඒකෙදි කතා කලොත්, මං කලින් කිව්ව විදිහට group එකත් එක්ක පටන් ගත්තනේ company එකක්. මට මතකයි නුගේගොඩ පූර්වාරාමේ උඩ තට්ටුවක office එක ගත්තේ. එතන කට්ටිය set වෙලා customersලා හොයාගෙන customersලට software develop කරලා දුන්නා ආසාවට, කික් එකට. ඔහොම වෙලා අපි projects ගත්තා. එක දවසක් මං උදේ office එකට යනකොට එක්කෙනයි ඉන්නේ. අනිත් ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා. මම දන්නෙත් නෑ. ඒක තමයි මං face කරපු ලොකුම problem එක. එතකොට අර යාළුවා development වලට ඉන්නවා මම marketing and management වලට ඉන්නවා. දැන් මං කල්පනා කරනවා අපි ගත්ත projects කොහොමද deliver කරන්නේ කියලා. එදා හිතාගත්තා කොහොමහරි මේක කරනවා කියලා. එදා මම ඒ යාළුවා එක්ක කතා කරලා ගත්ත ගැම්ම ලොකු පන්නරයකට ආවා. එයා දැන් අපිත් එක්ක නැහැ. කොහොමහරි පත්තරේ advertisement එකක් දාලා එක developer කෙනෙක්ව ගත්තා. ඇත්තටම කියනවානම් degree එකේ payment එකට භාගයක් ගෙවලා ගෙදරට නොකියා ඉතුරු භාගේ අරගෙන තමයි මන් salary ගෙවන්න සහ ඉතුරු වැඩවලට සල්ලි ගත්තේ. ඊට පස්සේ මේ සල්ලි ආවට පස්සේ තමයි degree එකේ payment එක කරේ. ඉතින් අර ඒ විදිහට අරගෙන one by one by employees ලා අරගත්තා. ඊට පස්සේ අපිට Odex ඒ කාලේ Odex කියලා site එකක් තිබ්බා. ඒක තමා දැන් Upwork කියලා freelancing වෙන්නේ. මං ඔය site එකේ අපේ කට්ටියගේ knowledge දාලා මම එක එක්කෙනාගේ profile හදලා මම maintain කලා. පස් දෙනෙක්ගේ profile මන් තනියෙන් maintain කරලා මම ඒ අයට වැඩ ගත්තා. එතකොට skype තමයි, ඒ දවස් වල වැඩිය video call ගන්නේ නෑ. ඔක්කොම chats වලින් යන්නේ. ඉතින් මම face කරන්නේ ඕනේ නැහැනේ. ඉතින් එහෙම වැඩ ගත්තා. ඔක්කොම අරගෙන අරගෙන කොහොමහරි build කරා ඒ company එක. අන්තිමට මට offer එකක් හම්බුනා ඒ company එක japan company එකක් එක්ක merge කරන්න ඒ කාලේ හැටියට. ඉතින් එදා අපිට knowledge එක මදි ඇත්තම කියනවානම්. මං අපේ company එක දුන්නා japan company යට.

Yureni: දැනුම මදිකම නිසා සහ තරුණ පොඩි වයස නිසා ඔයගොල්ලො දුක් මහන්සියෙන් හදපු company එක Japan වලට විකුණුවා.

Dilshan: ඇත්තම කියනවා නම් අපි හදපු කම්පැනි එක ජපානෙට විකුණුවා, විකුණලා අපි ඒකේ employees ලා වුනා. ඒක තමා වුනේ.. හැබැයි නතර වුනේ නෑ. අපි ආයෙත් Company එකක් පටන් ගත්තා අළුතෙන්. ඒවගේම අර ජපන් company එක අදටත් මේ ලංකාවේ business field එකේ සිටිනවා.

Yureni: දැන් Directors ලා දෙන්නෙක් ඉන්නවානේ. එතකොට තීරණ ගන්නකොට ඔය දෙන්නගේ අමනාපකම් එහෙම වෙනවද?

Dilshan: ගොඩක් දුරට directors ලා දෙන්නෙක් නෙවෙයි directors ලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපේ එක director කෙනෙක් ඉන්නවා Australia වල, එතකොට ලංකාවේ සම්පූර්ණ operation development maintain කරන්නේ අපි දෙන්නා. අනික අපි ඉන්නේ අංශ තුනක මං ලංකාවේ management පැත්ත බලනවා හෂාන් ලංකාවේ technology පැත්ත බලාගන්නවා, එතකොට Australia වලින් management පැත්තේ අලුත් knowledge එක ට්‍රාන්සර් වෙනවා. එතකොට අපි තුන්දෙනාගෙන් එන්නේ ideas තුනක්, ideas තුන එක පාත් එකකට ගන්නවා. ප්‍රශ්න එනවා. ප්‍රශ්න නැති තැනක් නෑනේ. අපි තුන්දෙනා අර මේකේ කණු තුන වගේ තමා company එක අල්ලන් ඉන්නේ. ප්‍රශ්න එනවා අපි ඒවා හොඳම විදිහට කතා කරලා විසඳගෙන ඉස්සරහට යනවා.

Yureni: මම මේ නිකන් අහන්නේ, program එකට අදාල දෙයක් නොවයි. කවදාවත් ඩිල්ෂාන් තරහා වෙලා නැද්ද?

Hashan: තරහා වෙලා තියෙනවා. අපි බැනගෙන තියෙනවා. එත් ඩිල්ෂාන් තමා Cool Guy.

Dilshan: තව කෙනෙක්ට තරහා ගිය වෙලාවට ඒ කෙනාත් එක්ක බැනගෙන වැඩක් නෑනේ. ඒකෙනාට ඒ time එක දෙන්න ඕනේ එයාට cooldown වෙන්න. අපි Step එකක් back කරලා ආයි ඒකට හොඳ Solution එකක් එක්ක නැවත ආයේ කතා කරනවා.

Yureni: දැන් දෙන්නා වැඩිම තරහවෙලා කතා නොකර ඉදලා තියෙන දවස් කොච්චරද?

නෑ. නෑ. එහෙම නෑ. අපි personal life එක company life එක බෙදාගෙන ඉන්නේ, මෙයයි මායි after office life best friends ලා අපි දෙන්නා එකට කන්නේ බොන්නේ, එකට trip යන්නේ.

Yureni: දැන් ඔය personal life, career life කියන කොට මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුනා. හරිම busy ඒ කියන්නේ මට මතකයි හෂාන් පටන් ගන්නකොටම කියනවා පැය 24 පැය 15 ක්ම ඔය computer එකේ කියලා. ඒ කියන්නේ ඇත්තටම life එකක් නැති තරම්. එතකොට stress එක මානසික ආතතිය කියන එකත් උපරිමයි. කොහොමද මේ stress එක handle කරන්නේ, personal life එක? දැන් කිව්ව විදිහට ඕගොල්ලෝ ඒක හරියට balance කරන බවක් තේරුණා. නමුත් කොහොමද ඒක කරන්නේ, ඒක කියන තරම් ලේසිද? ඕගොල්ලන්ගේ work life එක තියෙන්නේ challenging environment එකක, globally තියෙන demands සුළු පටු දේවල් නෙවෙයි. එතකොට කොහොමද මේ වෙලාව බෙදාගන්නේ සහ stress එක handle කරන්නේ? හෂාන් gym එකට යනවා ඒක මං දන්නවා, stress එක නිවාගන්න gym එකට ගියාම ඇතිද?

Hashan: ඒකට අමතරව මායි ඩිල්ෂානුයි ගොඩක් වෙලාවට nature එකට කැමතියි. පොඩ්ඩක් busy නැති වෙලාවට ටක්ගාලා hike එකක් යනවා නැත්තං beach side එකට යනවා. travelling කියන එක හොදටම තියෙනවා. අපි ගිය මාසෙත් knuckles ගියා 20kms hike එකක්. ඉතින් අපි ඒ පැත්තට නැඹුරුයි. ඒ කියන්නේ අපි busy ඇත්තටම, එකදිගට මාස දෙක තුනක් වැඩ කරා. එහෙම වැඩ කරන් නැතුව මේ වගේ target එකකට එන්න බෑ. කවුරුහරි කියනවා නම් වැඩ කරන් නැතුව එන්න පුළුවන් කියලා ඒක බොරුවක්. අනිවාර්යයෙන් වැඩ කරන්න ඕනේ. නිදි මරන්න වෙයි, family එකේ සමහර වෙලාවට සමහර දේවල් sacrifice කරන්න වෙයි, සතුට sacrifice කරන්න වෙයි. But තැනකට ආවට පස්සේ අර ඔක්කොම ආයේ ලබා ගන්න පුළුවන්. හැමදේම balance කරගන්න ඕනේ. මොකද වෙලාව නෑ වෙලාව නෑ කියන එක මං හිතන්නේ excuse එකක් නොවෙයි. Life එකේ Excuses දෙන්නේ නැතුව ඒකට විසදුමක් හොයාගෙන යන එක තමා හොඳම ක්‍රමේ.

Yureni: අවුරුදු තුන හතරක් ඇතුළත ඉතාමත් සාර්ථක ලෙස ඔයගොල්ලෝ ලොකු කඩයිමක් පහු කරලා තියෙනවා. හරි ඩිල්ෂාන් කිව්වා ආරම්භයේදි අපි jobs දෙන්න ආසයි කියලා. එතකොට මේක සමාජ කර්තව්‍යයක්. රටකට කරන සේවයක්. අදින් අවුරුදු දහයකින් පස්සේ ඔයගෝල්ලෝ කොහොමද target කරලා තියෙන්නේ කියලා මං දන්නෑ. මොකක්ද ඔය 2 මේ පුංචි ලංකාවට, රටේ අනාගතයට මේ software engineering field එක හරහා contribute කරන්න බලාපොරෝත්තු වෙන්නේ?

Dilshan: ඔව්. එතකොට යුරේනි ගොඩක් වෙලාවට තියෙන්නේ අපි ඉස්සෙල්ලා අදුරගන්න ඕනේ problem එක තියෙන්නේ කොතනද කියලා, මේ සල්ලි කොහෙන්ද පිටතට යන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට අපි බැලුවොත් ලංකාවේ එහෙම ලොකු market එකක් හැදිලා තියෙනවා software කියන එක maintenance වලට. ගොඩක් ලොකු company ඒ කියන්‌නේ enterprises level company ගොඩක් ලංකාවේ කරන්නේ maintenance. එතකොට ඇත්තම කියනවානම් maintenance ගත්තාම maintenance fee එක අපිට එනවා හැබැයි development fee එක, marketing fee එක, අර ඉතුරු ලාභේ ඔක්කොම යන්නේ අර රටවල් වලට. එතකොට අපි අනිවාර්යයෙන් කරන්න ඕනේ දෙයක් තමයි මේ රට තුල මේ රටට අවශ්‍ය හෝ මේ රටෙන් පිටතට දෙන්න software මෙහේ develop කරන්න ඕනේ. Maintenance නෙවෙයි අළුතෙන් නිර්මාණය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලෝකේ තියෙන ERP වලින් බහුතරයක් තියෙන්නේ පිටරට. ඒ බහුතරේ ERP ටික ලංකාවේ තියෙන මේ companies ඔක්කොම use කරනවා. එතකොට ඉතින් ඒ වගේ maintenance fee කාටද යන්නෙ. සාමාන්‍යයෙන් software එකක් ගත්තොත් එහෙම ඩොලර් මිලියන පහකට එහා ලොකු ERP තියනවා. ඒවා ඔක්කොම ලංකාවේ සල්ලි පිටතට යන්නෙ. අපි පොඩි තැනින් පටන්ගන්න ඕනි. පොඩි තැනින් පටන් අරගෙන ටික ටික ආවොත් අපිට පුළුවන් අපේ market එකට අවශ්‍ය software ටික develop කරන්න. අපේ market එකට විතරක් නෙමේ පිටරට market එකටත් අවශ්‍ය software ටික develop කරන්න. මම දන්න තරමින් අනිත් රටවල්වල තියන විදිහට මේක තමයි හොඳම market එක.

Yureni: අනිත් එක අපේ රටේ දක්ෂතාවය තියනවා.

ඔව් අපේ රටේ දක්ෂතාවය තියනවා, Knowledge එක තියනවා. ඉතින් ඒගොල්ලන්ගෙ knowledge එක use කරලා අපි ඒක develop කලානම් අපිට පිටරට යන සල්ලි ටික සම්පූර්ණයෙන්ම ලංකාවේ ඇතුලේ නවත්තන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් youtube, facebook. කට්ටිය influence හදනවා youtube එකේ. video කරනවා. හරි video කරපුවාම ඒගොල්ලන්ට සල්ලි එනවා. එතකොට හිතුවද ඒගොල්ලන්ට රුපියලක් එනකොට අරගොල්ලන්ට කීයක් හම්බවෙනවද කියලා. කෝටි ගාණක්, බිලියන ගාණක් හම්බෙනවා. youtube එකේ add ක දාන්නෙ අපිනෙ. අපි ගිහිල්ලා google එකේ advertisement එකට payment එක කලාට පස්සේ ඒකෙන් පොඩි ප්‍රමාණයක් youtube channel එකට එනවා. ඉතුරු ටික කාටද යන්නෙ. ඉතුරු ටික foreign company එකටනෙ යන්නේ. ඇයි අපිට platform එකක් හදන්න බැරි. දැන් alibaba හැදුවනම් ඒගොල්ලන්ගෙ platform එක ඉතින් ඇයි අපිට බැරි. මම හැමවෙලාවෙම මගේ team එකේ members ලාටත් කියන්නෙ දැන් තියන තත්වෙට challenge කරන්න. කවදාකවත් තමන් දැන් තියන දේට, situation ඒකට satisfy වෙන්න එපා. අනිත් එක දැන් කාලේ වෙනස්. මේ කාලේ විදිහට වෙනස් වෙන්න. මොකද ඊළඟට ලොකේ රටවල් ඔක්කොම යන්නෙ technology එක්ක. ඒක already වෙලා ඉවරයි. දැන් 3 වෙනි කාර්මික විප්ලවය වෙලා ඉවරයිනේ. දැන් තියෙන්නෙ technology විප්ලවය. ඒ කියන්නේ software development, software engineering.

Yureni: දැන් ඒකෙ පුරෝගාමීන් දෙදෙනෙක් තමයි මේ ඉන්නෙ?

Dilshan: අපිට බෑ මේක තනියම කරන්න. අපිට මේකට සහයෝගය ඕනේ. අපි එක technopreneurs ලා දෙන්නෙක් විතරයි. තව මේකට කට්ටිය ඕනේ . මොකද market එක ලොකුයි.

Yureni: අනිත් එක මම අහලා තියන විදිහට අපි දැන් ඇඟළුම් හෝ වේවා ප්‍රධාන අපනයන අපේ රටට විදේශ විනිමය ගේන හැම එකකටම වඩා අපි software development industry එක මේ රටේ දියුණු කළොත් ලොකු පියවරක් අපිට ගන්න පුළුවන් කියන එක. ඒකෙ මොකක් හරි සත්‍යතාවයක් තියනවද?

ලංකාව කියන්නෙ පොඩි රටක්. එතකොට මේකෙ තියෙන සම්පත් හරි අඩුයි. හැබැයි අපිට තියනවා අපි දැන් මේ industry එකේ නිසා අපිට තේරෙනවා මේ ලංකාව ඇතුලේ හොඳ මොළේ තියන මානව සම්පතක් තියනවා. ඒක අපි use කළොත් මේ industry එක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඕනේ laptop එකයි, internet connection එකයි හොඳ brain එකකුයි විතරයි. ඒක develop කරගත්තොත් අපිට පුළුවන් මේ එළියට යන සල්ලි ලංකාව ඇතුළෙම තියාගන්න. ඊට අමතරව අපි මේ ලංකාව ඇතුළේ මේවා develop කරලා එළියට ගෙනිහිල්ලා අපිට ලංකාව ඇතුළට සල්ලි ගේන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ අපිට කරන්න පුළුවන් හොඳම දේ දැන් මේ තියන situation එකත් එක්ක. ඒ කියන්නේ අවම investment එකකින් උපරිම ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් field එකක්, industry එකක් මේක. investment එකක් ඕනි නැතිතරම්. අපිට ඕනි speed internet connection එකක් විතරයි. ඒක කොහොමත් තියනවා ගොඩක් වෙලාවට.

Yureni: මේ covid කාලේ හැමෝටම සෑහෙන අභියෝගයක්. හැම industry එකක්ම වැටුනා. Software engineering industry එක මොන වගේ තත්වයකටද මුහුණ දුන්නේ?

Dilshan: Software engineering ගත්තොත් සමහර company වලට ඒක බලපෑවා. europe market එකත් එක්ක ගොඩක් business කරන companies වලට. අපේ company එක ගත්තොත් අපි covid එක්කට plan කලේ නෑ. But අපි disaster එකකට හෝ මාස 06ක් එකපාරට Business නැතිවුනොත් අපි මොකද කරන්නේ කියන එක අපි plan කරලා තිබ්බා. අපිට sale එක තිබ්බා. අපිට තිබ්බ එකම ප්‍රශ්නෙ තමයි office එකට යන්න එන්න බැරිවෙනවා. හැබැයි අපි ඕනෙම IT company එකක් ලංකාවෙ වුනත් work from home කියන එක practice කරලා තිබ්බෙ. ඒක use කලා මේ වෙලාවේ.

මම දැක්ක අපේ team එකේ තියෙන මාර spirit එකක් තමයි ඒගොල්ලො work from home කියන එක දිගටම කලා. උදේ 9.00 කිව්වොත් උදේ 9.00 වෙනකොට online. කවුරුත් හවස 6.00 ට නැඟිට්ටෙ නෑ. සමහර අය work from home කරන time එකේ සමහර අය රෑ 10.00 වෙනකම් work කලා. ඒක අර additional payment එකට නෙමේ, ඒගොල්ලොන්ට ඕනි වුනා මොනවාහරි දෙයක් මේ වෙලාවේ company එකට කරන්න. අපේ company එකෙන් එක employer කෙනෙක්වත් අඩු කලේ නෑ. අපේ company එකේ salary increment දුන්නා covid කාලේ. සාමාන්‍යයෙන් company එකකට කරන්න බැරි වැඩක් මේ වෙලාවේ. කාගෙවත් salary කැපුවේ නෑ. කාගෙවත් salary වල bonus අඩු කලේ නෑ. අපි ඒ ටික ඒ විදිහටම smoothly කරන් ගියා. අපිට තවත් support එකක් වුනා මොකද ඕස්ට්‍රේලියාවේ තියන මාර්කට් එකට ලොකුවට attack වුනේ නැති හින්දා මේ වෙලාවේ. ඒ හින්දා අපිට covid වලදී දරාගත නොහැකි සිදුවීමක් සිදුවුනේ නෑ. මොකද පෙර සූදානමක් සමඟ අපි වැඩ කරපු නිසයි market එකේ තිබ්බ stability එකයි එක්ක.

Yureni: අවසාන වශයෙන් ඩිල්ෂාන්, හෂාන් දෙන්නටම උත්තර දෙන්න පුළුවන්. Software engineering හරහා රටට ඔයාලා දෙන දායකත්වය, අනාගතයේදී දෙන්න බලාපොරොත්තු වෙන contribution එක කොයි වගේද?

Hashan: ගොඩක් traditional job පස්සේ දුවන් නැතුව ඒ කියන්නේ A/L’s වලටත් අපි කරන කාලේ mathes, science, art විතරයි තිබ්බෙ. දැන් තාක්ෂණ විෂයන් දාලා තියනවා IT තියනවා. පොඩ්ඩක් ඒ පැත්තටත් හැරෙන්න කියලා ඉල්ලනවා. මොකද දැන් ලෝකේ ඉල්ලන දේත් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ලෝකෙ ඉල්ලන දෙයක් තියනවා. Knowledge based education එතකොට අපි කොහොමද IT side එකෙන් හරි technologies එක්ක කොහොමද මුහුවෙන්නෙ කියන එක, ඉස්කෝලේ යන කාලේ ඉදලම ඉගෙනගෙන ආවොත් එතනදි තව ලොකු දෙයක් කරන්න පුලුවන් ඊලඟ Generation එකත් එක්ක.

Yureni: ඩිල්ෂාන්ටත් කියන්න දෙයක් තියනවද?

Dilshan: මම ‌ගොඩක් වෙලාවට කියන්නේ දැන් අපේ Job Market එකේ බැලුවාම අපි දැකලා තියනවනේ උපාධිදාරීන් ගොඩක් වෙලාවට රැකියා නෑ, රැකියා නෑ කියනවා. එතන මොකක්ද අඩුපාඩුව කියලා අපි හොයලා බලන්න ඕනි. ඒකෙදි මම believe කරනදේ තමයි අපි ගොඩක් අය රජයේ රැකියා බලාපොරොත්තුවෙන් කලා විෂයන් හදාරනවා. මොකද කලා විෂයන් වලින් සාමාර්ථ 03 ලබාගෙන campus යන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැඟිලා තියන හින්දා. මම කියන්නේ එතනින් මිදෙන්න. කලාවට දක්ෂ අය කලාව කරන්න. රජයේ job එකක් බලාගෙන කලාව කරන්න එපා කියලා මම කියන්නේ. ඒගොල්ලෝ බලන්න තාක්ෂණ විෂයක් හදාරන්න. ඉතින් ඒවලින් තමයි අපේ රටට ඉස්සරහට යන්න පුලුවන්. නැතුව අපි රජයේ පුරප්පාඩු පුරවලා අපිට ඒක ගොඩයන්න බෑ. අපි එතනට එන්න ඕනි.

අළුත් දෙයක් කරන මිනිස්සු, Innovative විදිහට හිතන මිනිස්සු, Creativity එක තියන මිනිස්සු, තමන් ඉන්න දැන් තත්වෙට Challenge කරන්න පුලුවන් මිනිස්සු, තමයි බිහිකරන්න ඕනි. ඉතින් මම දෙන උපදෙස තමයි කට්ටියක් විදිහට හැමවෙලාවෙම තමන් දැන් ඉන්න තත්වෙට Challenge කරන්න. දැන් අපි කරන job ක තමන්ට comfort zone එකක් නම් අයින් වෙන්න, තමන්ගේ comfort zone එකෙන් එළියට යන්න. ගිහිල්ලා අළුත් දෙයක් කරන්න. අන්න Development එකක් එනවා.. එතකොට තමන්ගෙ Salary එක වැඩිවෙනවා. නැත්නම් තමන්ට අළුත් Development එකක් හෝ අළුත් Project එකක් හෝ අළුත් ව්‍යාපාරයක් කරන්න පුළුවන් වෙනවා. මම කියන්නෙ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න මොකද ලෝකයේ ඉල්ලුම තියනවා අද Data Science වලට IOT Device, Software පැත්තෙන් ගත්තොත් සෑහෙන දේවල් ටිකක් තියනවා. ලෝකෙ දැන් currency එක නැතිවෙලා cryptocurrency ඇවිල්ලා තියෙනවා. ඉතින් ලෝකෙ සෑහෙන්න ඉස්සරහින් යද්දි අපි ඇයි පස්සට යන්නේ? අපිත් technology එකත් එක්ක software engineering එකත් එක්ක ඉස්සරහට යං. මම කියන්නෙ ඒවා ඉගෙනගන්න.

Yureni: මොකද ඒකතමා අනාගතය. දැන් හුඟක් කට්ටිය කියනවා අද කාලේ salaries නැහැ. කොච්චර ඉගෙනගත්තත් ඒක හා සාපේක්ෂව කියලා.

Dilshan: IT industry එකේ salaries සෑහෙන්න හොඳයි. අදටත් salaries හොඳයි සෑහෙන්න. හොඳ demand එකක් තියනවා. මම ඊයෙත් job post එකක් දැම්මා. Employees ලා නෑ ගන්න. හිඟයක් තියනවා. අපිට ඕනි knowledge එක තියන employees ලා අඩුයි ගන්න. ඒ කියන්නෙ තරඟය වැඩියි ලංකාවේ ඇතුලේ හොඳ companies තියනවා. ඒගොල්ලන්ට තියන market එකත් වැඩී. ඒත් ඒගොල්ලන්ට employees ලා නෑ. Employees ලා මදිවෙලා තියනවා.

Yureni: ඔන්න හිඟයක් තියනවා. ඒ හිඟය තියන තැනට supply එකක් දෙන්න පුලුවන්නම්, six figures salaries නෙමේ nine figures වුනත් හම්බකරන්න පුලුවන්. එහෙම ගන්න අය ඉන්නවා මේ මගේ ඉස්සරහත් ඉන්නවා. ඊටත් වඩා වැඩිද දන්නෙ නෑ.

ඉතින් සුන්දර කතාබහක් මම software engineering ගැන දන්නෙම නැති තරම්.. අපේ තරුණ පරම්පරාව නියෝජනය කරන මේ technopreneurs ලා දෙන්නාට කතා කරලා යම්කිසි දෙයක් මම ඉගෙන ගත්ත නම් ඒ තමයි, මේකේ ආරම්භයේදිම කිව්වා “ඇයි අපි job එකක් කරන්නේ, ඇයි අපිට job එකක් දෙන්න බැරි” කියලා. ඉතින් අපි මනුස්සයෝ විදිහට අපිට සිතුවිල්ලක් තියනවනේ යම්කිසි දෙයක් සමාජෙට කරන්න. අපි අපි ගැන හිතන්න ඕනේ තමයි. නමුත් මමත්වය කියන එක අපි පැත්තකින් තියලා සමාජෙට දෙයක් දෙන්න පුලුවන් කියන තැන අපේ අනාගතයෙ අපි හිතුවොත් අපිට යන්න පුලුවන් ඉණිමඟේ උඩටම. මොකද ඒ තිබ්බ චේතනාව හරි හොඳ චේතනාවක්. අනුන් වෙනුවෙන් සේවයක් කරන්න තිබ්බ චේතනාවක් තිබ්බෙ. ඒක නිසා අද ඔවුන් මේ තැන ඉන්නවා. තමන්ව පස්සට දාලා මම හිතන්නෙ හැම තරුණ පරම්පරාවේ කෙනෙක්ටම පුලුවන්නම් සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන් ඒ දේ කරන්න හරි වටිනවා. මම හිතන්නෙ දිල්ෂාන්, හෂාන් කිව්වා වගේ අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම contribution එක මේ software development industry එක. මේකෙන් මම හිතන්නෙ අපේ ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ආසියාවේ Richestම country එක කරන්න පුලුවන්.

Dilshan: ඒ තැනට ඇත්තටම යන්න පුලුවන්. මේක tech hub එක කරන්න පුලුවන්. ඉන්දියාවට ගිහින් තියෙන්නෙ දකුණු ආසියාවේ tech hub එක.

Yureni: අපිට ඉන්දියාවට Challenge කරන්න පුලුවන්. මම හිතනවා එහෙම මානව සම්පතක් අපේ රටේ ඉන්නවා කියලා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට හිතන්න කාලය ඇවිල්ලා. දැනටමත් අනාගතය ගැන තීරණය කරගන්න බැරුව ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න අද Interview එක ඔයගොල්ලන්ට ගොඩක් Helpful වුනා කියලා අපි හිතනවා. Thank you very much හෂාන්, Thank you very much ඩිල්ෂාන්. ඔයගොල්ලන්ට තව තවත් අවුරුදු 03ක් මේ ආරම්භ කරපු මේ Tech Company එක ආසියාවේ biggestම software engineering company එක කරන්න ඔයගොල්ලන්ට තව milestones life එකේ achieve කරන්න මුළු හදවතින්ම සුභපතනවා. ලංකාවේ සිය දහස් ගණන් තරුණ පිරිස් මේ රටේ සම්පත් කරන්න ඔයගොල්ලන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා.

Dilshan: ඒ වගේම අපි යුරේනිටත් ස්තූතිවන්ත වෙනවා මේ interview එක ගත්ත එක ගැන, අපිටත් ඕනි මේ knowledge එක දෙන්න. අපි පොඩිකාලේ අපිට path එකක් තිබ්බෙ නෑ. අපේ අම්මලාට දැනුමක් තිබ්බේ නෑ ඔයගොල්ලෝ මේ මේ පැත්තට යන්න කියන්න. අපිටත් මේක අවස්ථාවක් මොකද එහෙම අය ඉන්නවා ඇති තව ගොඩක්.

Yureni: අනිවාර්යෙන්ම, ගම්වල දුෂ්කර ගම් පළාත්වල ළමයි ඉන්නවා ඒ ළමයින්ට දැනුම උප්පත්තියෙන් ඇවිල්ලා තියනවා. ඒ ළමයින්ට කවුරුත් මඟපෙන්වීමක් කරන්නේ නෑ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අනාගතයේදී CSR project එකක් ඒ වෙනුවෙන් පටන්ගන්න පුලුවන් කියලා.. බොහොම ස්තූතියි හෂාන්. බොහොම ස්තූතිය ඩිල්ෂාන්.